ඉතිහාසයේ වාර්තා වී ඇති කාන්තා අපරාධ තුළින් වැඩිම වද හිංසාවකට ලක් වූ තරුණිය ලෙස ඉතිහාසගත ගත වන්නේ ඇයයි. එහි බරපතළකම කොපමණද කිවහොත් මෙම නඩුව උසාවියේදී විභාග කෙරූ අවස්ථාවේ උසාවියේ සිට සිහි නැති වී ඇද වැටුණු කාන්තාවන් අපමණය. එය ලේසි පහසු නඩු විභාගයක් නොවීය. කතා නායිකාව ජුන්කෝ ෆුරූටාය. මේ ඇයගේ ජීවිතයේ දරුණුම දවස් හතළිස් හතරයි.
ජුන්කෝ ෆුරූටා යනු ජපානයේ යෂියෝ මිනාමි උසස් පාසලේ ඉගෙනුම ලැබූ ඉතා සුරූපී සිසුවියකි. ජුන්කෝ උපත ලැබුවේ සයිටාමා ප්‍රාන්තයේ මිසාටෝහිය. නව යොවුන් වියේ පසු වූ ඇය යෂියෝ-මිනාමි උසස් පාසලට ඇතුළත් වූ අතර පාසල් කාලයෙන් පසු ඉලෙක්ට්‍රොනික් සිල්ලර වෙළෙන්දෙකු යටතේ අර්ධකාලීන සේවිකාවක් ලෙස සේවය කළාය. ඇය ජීවත් වූයේ ඇගේ දෙමාපියන්, වැඩිමහල් සහෝදරයා සහ ඇගේ බාල සහෝදරයා සමඟය.
ජුන්කෝ රූමත් බව නිසාම තරමක් ආඩම්බර සිසුවියකි. විවිධ තරුණයන් ඇයගේ ආදරය පතා පැමිණියද ඇය ඒ සියල්ල සූක්ෂමව ප්‍රතික්ෂේප කළාය. ජුන්කෝගේ ආදරය පතා පැමිණි තරුණයන් අතර හිරෝෂි මියානෝ නමැති තරුණයෙක් විය. අනෙකුත් තරුණයන් මෙන් නොව මොහුගේ ආදර ඇරයුම තරමක් භයානක එකක් විය. මියානෝ කිහිප වතාවක්ම ඇයගෙන් පෙම් සබඳතාවයක් ඇති කරගැනීමට ඇසුවද ජුන්කෝ ඔහුව ප්‍රතික්ෂේප කළේ ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳ උනන්දුවක් නොදැක්වූ හෙයිනි.
තම ප්‍රේම ඇරයුම ප්‍රතික්ෂේප වූ හේතුවෙන් ඇය කෙරෙහි දැඩි කෝපයක් ඇති කර ගත් මියානෝට ඇයගෙන් පළිගැනීමට අවශ්‍ය විය. මියානෝ යනු යකුසා නමැති පාතාල කල්ලියක සාමාජිකයෙකි. ඔහු සහ සගයන් කාන්තාවන් දූෂණය කිරීම සම්බන්දයෙන් නම ගිය කල්ලියකි. ඔහු පාතාලයේ උෂ්ණයද සමඟ ජුන්කෝව පැහැරගැනීමට සැලසුම් කළේය.
1988 නොවැම්බර් 25 වැනි දින මියානෝ සහ ඔහුගේ මිතුරා නොබුහාරු මිනාටෝ නගරය වටා කරක් ගැසුවේ හසුවන කවුරුන් හෝ කාන්තාවක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ අදහසිනි. එදින රාත්‍රී 8.30 ට පමණ ජුන්කෝ තම අර්ධකාලීන රැකියාව අවසන් කර නිවස බලා යාමට සැරසෙන අයුරු මියානෝ සහ සගයා දුටවෝය. මියානෝගේ අණ පරිදි මිනාටෝ ජුන්කෝගේ බයිසිකලයෙහි හුලං යවා වහාම එම ස්ථානයෙන් පලා ගොස් සැඟවී සිටියේය. පසුව ජුන්කෝ නිවෙස බලා යාමට පැමිණෙත්ම මියානෝ එම අවස්ථාව අහම්බයක් ලෙස මවා පාමින් ජුන්කෝ වෙත ගොස් &කොහොමද ජුන්කෝ.. මට සමාවෙන්න මමත් ඔයාගෙන් යාළුවෙන්න ඇහුවා. ඔයා කැමති වුණේ නෑ. ඒත් කමක් නෑ අපි යාළුවෝ වගේ ඉමු* යැයි පවසා ඇයව නිවෙස කරා රැගෙන යාමට ඉදිරිපත් විය. ඔහුගේ ආදරය ඇරයුම නොපිළිගත්තද ජුන්කෝ එම අවස්ථාවේ ඔහු පිළිබඳ සැකයක් උපද්දවාගත්තේ නැත. යන අතරතුර මියානෝ ඔහුගේ යකුසා කල්ලියේ සම්බන්ධතා ජුන්කෝට හෙළි කළ අතර ඉතා සූක්ෂමව මියානෝ ඇයව අසල පිහිටි ගබඩාවකට ගෙන ගියේය. පසුව ඔහු පැවසුවේ ඔහු සමඟ නොසිටියහොත් යකුසා කල්ලියේ සාමාජිකයන් සමඟ එකතු වී ජුන්කෝගේ මුළු පවුලම ඝාතනය කරන බවටයි. තම පවුල පිළිබඳ ඇති වූ බිය නිසාම එදින ඇයට ගබඩා කාමරය තුළදී මියානෝගේ බසට එකඟ වීමට සිදුවිය. එදින පළමු වතාවට ඇය මියානෝගේ අතින් දූෂණයට ලක් විය. ජුන්කෝ කෙරේ තිබූ ආදරය මියානෝ පෙන්වූයේ එලෙසින්ය.
ඉන්පසු ජුන්කෝව තම වාහනයට දමා ගත් මියානෝ ඇයව හෝටලයක් කරා රැගෙන ගියේය. ඇයව රැගෙන යන අතරතුර ඔහු යකුසා කල්ලියේ ඔහුගේ මිත්‍රයන් වන ජේ ඔගුරා, ෂින්ජි මිනාටෝ සහ යසුෂි වටනාබේ අමතා ඔහුගේ ක්‍රියාව පිළිබඳ පුරසාරම් දෙඩුවේය. ඔවුන් පැවසුවේ ඔවුන් ද හෝටලට පැමිණෙන තුරු ජුන්කෝව සිරකර තබාගන්නා ලෙසයි. නැවත වරක් පුද්ගලයන් සිව්දෙනකු අතින් හෝටලයේදී ඇය දූෂණය විය.
ක්‍රමක්‍රමයෙන් ජුන්කෝගේම පන්තියේ එකට සිටි යකුසා කල්ලියේ සාමාජික සිසුවන් මෙන්ම අනෙකුත් සාමාන්‍ය සිසුන් අතින්ද ජුන්කෝ වරින් වර දූෂණයට ලක් විය. ඇතැම් සිසුන් එම ක්‍රියාවට අකමැති වූ විට මියානෝ සහ කල්ලි සගයන් ඔවුන්ට බල කර තිබුණේ ජුන්කෝව දූෂණය කරන ලෙසයි. එලෙසින් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් අතින් දින හතළිස් හතරක් තුළදී 400 වතාවක් ජුන්කෝ දූෂණය විය.
ඉන්පසු මොවුන් ජුන්කෝව රැගෙන ගියේ මිනාටෝගේ දෙමව්පියන්ට අයත් නිවසකටය. එම ස්ථානය ඔවුන්ගේ නිත්‍ය කල්ලි ගැසීමේ ස්ථානයයි.
නොවැම්බර් 27 වැනි දින ජුන්කෝගේ දෙමව්පියන් තම දියණියගේ අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට පැමිණිලි කළහ. ඒ පිළිබඳව දැනගත් මියානෝ ජුන්කෝට බල කර සිටියේ තමා පෙම්වතා සමඟ පැනගොස් ඔහුත් සමඟ සිටින බවත් ඇයගේ අතුරුදන්වීම පිළිබඳ පොලිස් පරීක්ෂණය නවත්වන ලෙසටත් ලිපියක් ලියන ලෙසය.
මිනාටෝගේ දෙමව්පියන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ අයිති නිවසට පැමිණෙන අවස්ථාවල මියානෝ සහ සගයන් ජුන්කෝට බල කළේ ඔහුගේ මිත්‍රයකුගේ පෙම්වතිය ලෙස රඟපාන ලෙසයි. කෙසේ වෙතත් සිදුවන සත්‍ය සිදුවීම පිළිබඳව මිනාටෝගේ දෙමව්පියන් මෙන්ම සහෝදරයාද දැන සිටියේය. ඔවුන් ඔහුට විරුද්ධව කිසිවක් නොකළේ ඔහුට යකුසා කල්ලිය සමඟ තිබූ සම්බන්ධතා ගැන ඔවුන් දැන සිටි නිසාත්, ඔවුන්ගේම පුතා ඔවුන් කෙරෙහි ප්‍රචණ්ඩකාරී වූ නිසාත්ය.
මෙලෙස ජුන්කෝ මොවුන්ගේ දරාගත නොහැකි වද හිංසා හමුවේ දින හතලිස් හතරක් මිනාටෝගේ නිවසේ රඳවාගෙන සිටියේය. ඇයගේ නඩු විභාගයට අනුව, ඔවුන් සිව්දෙනා ඇයව 400 වතාවකට වඩා දූෂණය කර, ඇයට පහර දී, කුසගින්නේ තබා, සිවිලිමේ එල්ලා ඇයව “පන්ච් බෑගයක්” ලෙස භාවිතා කර, ඇගේ බඩට බාබල්වලින් පහරදී, සජීවී කැරපොත්තන් කෑමට ද බල කළහ. ඇගේම මුත්‍රා පානය කර ඔවුන් ඉදිරිපිට ස්වයංවින්දනයේ යෙදීමටද ඇයට බල කළහ. ඔවුන් ඇගේ යෝනි මාර්ගය හා ගුදය තුළට විදුලි බුබුලු සහ ගිනිකෙළි දැමීය. ඇයගේ ශරීර අවයව සිගරට් සහ ලයිටර්වලින් ද ඇගේ ඇහිබැමි උණුසුම් ඉටි වලින් ද පුළුස්සා දැමූහ. ඔවුන් ඇගේ වම් තන පුඩුව ඉරා දමා ඇගේ පියයුරුවලට ඉඳිකටුවලින් විද්දෝය. එලෙස ඇය විඳදරාගත් වේදනාවන් අපමණය.
එක් දිනකදී මිනාටෝ නිවසින් පිටව ගිය පසු ප්‍රධාන දූෂකයන් සිව් දෙනාට අමතරව එතැන සිටි තවකෙක් තම සහෝදරයාට මෙම සිද්ධිය ගැන පැවසුවේය. පසුව ඔහු පොලිස් නිලධාරීන් වූ ඔවුන්ගේ දෙමාපියන්ට ඒ පිළිබඳ පැවසීය. එම හෝඩුවාවෙන් පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිනාටෝගේ නිවස වෙත පිටත් කර හරින ලදි. කෙසේ වෙතත්, එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් පැවසුවේ ඇතුළත ගැහැණු ළමයෙකු නොමැති බවය. එම සුළු වදන පමණක් සාක්ෂි කොටගෙන පොලිස් නිලධාරීන් නිවස සෝදිසි කිරීම අත්හැර දැමූහ. ඔවුන් තමන්ගේ මද උත්සාහයක් යොදා නිවස සෝදිසි කෙරුවේනම්, ජුන්කෝගේ වේදනාව දින 16කින් කෙටි වීමට තිබූ අතර ඇය ඇය තුවාලවලින් සුවය ලැබා හොඳින් ජීවත් වීමට ද ඉඩ තිබුණි. 
දෙසැම්බරයේ මුල් කාලවකවානුවේ දවසක ජුන්කෝ නිවසෙහි රැඳී සිටි තරුණයකුගෙන් දුරකථනයක් සොරාගෙන පොලිසියට කතා කිරීමට උත්සාහ කළේය. කෙසේ වෙතත්, ඇය කිසිවක් පැවසීමට පෙර මියානෝට එය හසුවිය. පොලීසිය විසින් නැවත දුරකථන ඇමතුමක් ලබා දුන් විට, එය අත්වැරැද්දක් බව මියානෝ ඔවුන්ට දන්වා සිටියේය. පොලීසියට ඇමතුම ගත්තාට දඬුවමක් වශයෙන් ඔවුහු ඇගේ පාද තෙල් රත් වූ හැලියක දමා පිලිස්සූහ. ඔවුන් විශාල බෝතලයක් ඇගේ ගුදය තුළට ඇතුළු කර දැඩි රුධිර වහනයක් ඇති කළේය. එයින් ඇය බෙහෙවින් කම්පනයට පත්වූ බව වාර්තා වේ.
ඇය මෙම තුවාලවලින් සුවය ලබා දිගින් දිගටම නැවතත් දූෂණයට හා වධ හිංසාවලට ලක්විය. වද හිංසා විඳ දරාගැනීමට අපහසුම වූ තැනදී කිහිප වතාවක්ම ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඇයව මරා දමන ලෙසය. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ඇයට සීතල උහුලාගත නොහැකි සීත කාලයේදී බැල්කනියේ නිදා ගැනීමට බල කළහ. ශීතකරණයක ද සිරකර තැබුවෝය.
ඇයගේ නඩු විභාගයේදී පැහැරගත් අයෙක් උසාවියට කියා සිටියේ ඇගේ අත් සහ කකුල්වලට සිදුව තිබූ දරුණු හානි හේතුවෙන් පිරිසිදු කිරීම සඳහා ඇයව පහළට ගෙන යාමට පැයකට අධික කාලයක් ගත වූ බවය. වධහිංසා කිරීමේ බරපතලකම නිසා අවසානයේදී ඇයට මුත්‍රාශය හා බඩවැල් පාලනය අහිමි විය. ඇයට ජලය පානය කිරීමට හෝ ආහාර ගැනීමට නොහැකි වූ අතර දැරූ සෑම උත්සාහයකින් පසු වමනය විය. මේ හේතුවෙන් ද ඇයට දැඩි ලෙස පහර දී තිබේ. ප්‍රහාරවල ම්ලේච්ඡත්වය හේතුවෙන් සුරූපී ජුන්කෝගේ පෙනුම බෙහෙවින් වෙනස් විය. ඇගේ මුහුණ හඳුනාගත නොහැකි ලෙස ඉදිමී තිබිණි. ඇගේ ශරීරය ද දරුණු ලෙස අබලන් වී තිබුණු අතර දවස් ගතවන විට ශරීරය තුළින් කුණු ගන්ධයන් වහනය වන්නට විය. එම ගන්ධයත් සමඟ තරුණයන් සිව්දෙනාට ඇය කෙරෙහි තිබූ ලිංගික තෘප්තිය නැති වී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මියානෝ ඇතුළු සිව්දෙනා 19 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කෙරුවේය. එය ද ජුන්කෝ මෙන් රැකියාව නිම වී නිවස බලා යමින් සිටියදීය.
1989 ජනවාරි 4 වැනි දින ඇයගේ දවස් හතළිස් හතරක ජරාජීර්ණ වූ ජීවිත කාලයේ ඉරණම තීන්දු වූ දවස විය. තවත් හිරිහැර විඳදරාගැනීමට නොහැකි වූ ශරීරය මරණයම අයැද සිටියේය. ඇයගේ ඉල්ලීමට එකඟ වූ මියානෝ කියා සිටියේ &හරි මම උඹව එකපාර මරලා දාන්නම්. හැබැයි එක කොන්දේසියක් පිට. මාත් එක්ක මහජොන් සෙල්ලම කරලා දින්නොත් උඹව මම එක පාරින් මරලා දාන්නම්* යනුවෙනි. (මහ්ජොන් යනු චෙස් වැනි ජපන් ක්‍රීඩාවකි.)
සාමාන්‍යයෙන් තරගකරුවන් දෙදෙනකු ක්‍රීඩා කරන්නේ දිනුම ජයග්‍රහණය කර සතුටු වන්නට. නමුත් ජුන්කෝ මෙම ක්‍රීඩාවෙහි නිරත වූයේ මරණය ජයග්‍රහණය කර සතුටු වන්නටය. ඒ වනවිට ජුන්කෝගේ ශරීරයේ ක්‍රියාකාරී අවයවයකට තිබුණේ ඇයගේ දකුණු අත පමණි. ඉරණම් තරගය ආරම්භ විය. කෙසේ හෝ අවසන තරගයේ වීරයා බවට පත්වීමට ජුන්කෝට හැකිවිය. මියානෝ පොරොන්දු වූ පරිදි ජය්‍රහණයෙන් ඇයට හිමිවන ත්‍යාගය මරණයයි.
නමුත් සැණෙකින් මියානෝගේ අදහස වෙනස් විය. ප්‍රේම තරගයෙන් මෙන්ම මහජොං තරගයෙන් ද පරාජයට පත්වීමත් සමඟ මියානෝගේ කෝපය ඉහවහා ගියේය. ඒ වනවිටද ජුන්කෝගේ ශරීරයේ කිසිදු ශක්තියක් ඉතිරිව නොතිබුණි. තරග පරාජයෙන් පසු කෝපයට පත් තරුණ කාණ්ඩය ඇයට යකඩ බාබල් එකකින් පහර දී පයින් ගසමින්, ඉටිපන්දම් දෙකක් ඇගේ ඇහිබැම මත තබා උණුසුම් ඉටිවලින් පුළුස්සා දැමූහ. ඔවුහු ඇයව නැගී සිටවමින් පොල්ලකින් ඇගේ පාදවලට පහර දුන්හ. මෙම අවස්ථාවෙහිදී ඇය සිහිසුන්ව ඇද වැටුණි. අධික ලෙස රුධිරය වහනය වූ නිසාත්, ඇගේ ආසාදිත පිළිස්සුමවලින් සැරව මතු වන නිසාත්, දූෂකයන් ඇයගේ දෑත්, දෙපා පොලිතින් බෑග්වලින් ආවරණය කළහ. ඔවුන් දිගින් දිගටම ඇයට පහර දුන්හ. ඔවුන් ඇගේ කලවා, අත්, මුහුණ සහ උදරය මතට ගිණි ගන්නා සුළු තෙල් වත්කර නැවතත් ගිනි තැබුවෝය. ඉතා අපහසුවෙන් වුවද ගින්න නිවා දැමීමට උත්සාහ කළ ජුන්කෝට එය මැඩපැවැත්වීමට නොහැකි විය. ක්‍රමයෙන් ඇයගේ ප්‍රතිචාර අඩු වී ගියේය. මෙම අවසන් ප්‍රහාරය පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ. අවසානයේදී ජුන්කෝ ඉතිහාසයේ සිදු වූ කාන්තා වද හිංසනයන්ගෙන් වැඩිම හිංසාවට ලක්වූ තරුණිය ලෙස එදින අවසන් සුසුම් හෙළීය. මේ සියලු අපරාධයන් සිදුවන විට ජුන්කෝ ෆුරූටාගේ වයස අවුරුදු 18කි. එතෙකින් අවසන් නැත.
ඇයගේ මරණයෙන් දවසක් ගතවීමට මත්තෙන් ඇයගේ මරණය පිළිබඳ පොලීසියට පැමිණිල්ලක් ලැබුණි. මිනීමැරුමකට හසු වේ යැයි බියෙන් රාත්‍රී 8.00 ට පමණ ඔවුහු ඇගේ සිරුර බ්ලැන්කට්ටුවලින් ඔතා ගමන් මල්ලක දමා ලීටර් 208ක පමණ බැරලයකට ඔබා එය කොන්ක්‍රීට්වලින් පිරෙව්වෝය.
1989 ජනවාරි 23 වන දින, හිරෝෂි මියානෝ සහ ජේ ඔගුරා දෙසැම්බර් මාසයේදී 19 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන සමූහ දූෂණයකට ලක්කිරීම සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් ඒ මොහොතෙදී සිතුවේ තමන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජුන්කෝගේ මරණය සම්බන්ධයෙන් බවය. ප්‍රශ්න කිරීමවලදී ජේ ඔගුරා ජුන්කෝට සිදුකළ අපරාධය පාපොච්චාරණය කර ජුන්කෝගේ දේහය සැඟවූ ස්ථානය පොලිසියට පැවසීය. 
ජුන්කෝ පැහැර ගැනීමට පසු සිදුවූ තවත් කාන්තාවක් සහ ඇගේ හත් හැවිරිදි පුතුව ඝාතනය කිරීම සම්බන්ධව කෙරුණු නඩු විභාගය අතරතුරේ ජුන්කෝ පිළිබඳව කළ පාපොච්චාරණයෙන් පොලිසිය ව්‍යාකූල විය. ඉන්පසු දැනගත් හෝඩුවාවල් ඔස්සේ පසුදා ජුන්කෝගේ සිරුර බහාලූ සිමෙන්ති බැරලය පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇයගේ අප්‍රාණික සිරුර දින හතළිස් හතරකට පසු සොයාගත් විට කුඩා බෝතල් කිහිපයක් ඇයගේ ගුදය තුළ සිරවී තිබූ අතර ඇගේ මුහුණ හඳුනාගත නොහැකි තරම් විරූපී විය. ඇගේ ගර්භාෂයට දැඩි හානියක් සිදුව තිබුණද ඒ වනවිටත් ඇය ගැබ්ගෙන තිබූ බව ද සොයා ගත් බවට වාර්තා විය.
ඔවුන් කළ අපරාධයේ ම්ලේච්ඡත්වය නොතකා, පිරිමි ළමයින්ගේ අනන්‍යතාවයන් අධිකරණය විසින් මුද්‍රා තබන ලද්දේ අපරාධය සිදුවන අවස්ථාවේ ඔවුන් සියල්ලෝම බාල වයස්කරුවන් ලෙස සැලකූ බැවිනි. කෙසේ වෙතත්, ෂකාන් බන්ෂුන් සඟරාවේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ අනන්‍යතා සොයාගෙන ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළහ. ඔවුන් කියා සිටියේ අපරාධයේ බරපතලකම සැලකිල්ලට ගෙන විත්තිකරුට නිර්නාමිකභාවය තහවුරු කිරීමේ අයිතිය ලැබීමට සුදුසු නැති බවයි. 
1989 අප්‍රේල් 1 වැනි දින ජේ ඔගුරා තවත් ලිංගික අතවරයකට අත්අඩංගුවට ගන්නා ලදි. යසුෂි වටනබේ, නොබුහාරු මිනාටෝ සහ මිනාටෝගේ සහෝදරයා ද අත්අඩංගුවට ගන්නා ලදී. හිරෝෂි මියානෝට වසර 17ක සිර දඬුවමක් හිමිවිය. නමුත් ඔහු මූලිකව සිදුකළ මෙම දරුණු අපරාධයට එම දඬුවමෙන් සෑහීමට පත්විය හැකිදැයි සැකයකි.
පොලිස් පැමිණිල්ලක් මත මිනාටෝගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණ ආපසු හැරී ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කරන ලදී. 
අද ජපානයේ ජුන්කෝ ෆුරූටා නමින් උද්‍යානයක් ස්ථාපිත කොට ඇත. ඒ උද්‍යානයට ගියහොත් තරුණියක් මේ සමාජයේ කෙතරම් පරිස්සම් වීමට අවැසිද යන්න තේරුම්ගත හැකි චිත්‍ර සහ කතා පමණක් එහි ඇතුළත්ය.
නමුත් අදටද මෙම ඉතිහාසගත අපරාධයට වග කිවයුතු පුද්ගලයන් ජපාන‍යේ ජීවත් වෙති. ජුන්කෝ අද සිටියානම් ඇයගේ වයස අවුරුදු හතළිස් අටකි.
ඇගේ මිනීමැරුම් නඩුව “කොන්ක්‍රීට් බැරලයෙන් ඝාතනය කෙරූ උසස් පාසැල් දැරියගේ නඩුව” ලෙස ප්‍රසිද්ධ විය. ඉතින්.. තම පෙම් ඇරයුම ප්‍රතික්ෂේප කළ ජුන්කෝගේ ඉරණම මෙසේ ඉතා දරුණු ලෙස විසඳුණි. ජුන්කෝගේ කතාව අද සමාජයේ ඉක්මනින් මුලාවේ වැටෙන සහ සෑම දෙයක්ම විශ්වාස කර ජීවත් වන තරුණියන්ට හොඳ පාඩමකි.
(සැ.යු. මෙම වාර්තාවේ සඳහන්ව ඇත්තේ ජුන්කෝට සිදු කළ අපරාධයන්ගෙන් කිහිපයක් පමණි. සියල්ල සභ්‍යත්වයෙන් ප්‍රසිද්ධව පළකිරීමට නොහැකි තරම් පිළිකුල් සහගතය.) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here