ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අවසාන තුරුම්පුව ලෙස සැලසුම් කලද මෙහි මහා මොලකරු ලෙස ගැනෙන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා පොට පලවාගෙන ඇති ප්‍රධාන තැන් කිහිපයකි. මේ පිලිබඳ හරින්ගේ ට්විටර් පණිවුඩය බ්‍රේකින් නිවුස් එකක් බවට පත් කිරීමට තරම් සජිත්ට කඩේ යන පෞද්ගලික මාධ්‍ය ජාලයට හැක්යාව තිබිණි. ඔහුගේ මියගිය පියා පාස්කු ප්‍රහාරය ගැන දැනුම් දුන්විට මේ හැකියාව මේ ආකාරයට ප්‍රයෝජනයට ගත්තේ තමා පමණක් නොව තවත් ජීවිත තුන්සිය ගණනක් බේරෙනු ඇත.

මොහු පොට පටලවාගෙන ඇති ආකාරය මනාවට විස්තර කල හැකිය.. 

  1. 2015 ඇමෙරිකානු ආගමන විගමන නීති වෙනස්වීම පිලිබඳ නොදැනුවත් කම

2015 ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමත් සමගම ඇමෙරිකාවේ  ආගනමන හා විගමන නීති අතිශය වෙනස්වීමකට ලක්කල බව මේ අඥාන මන්ද බුද්ධික පිරිස දන්නේ නැත. දන්නේ නම් මේ  නැවතත් උත්සාහ දරන්නේ බුද්ධිමත් මහජනයා ගොනාට ඇන්දීමටය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව ඇමෙරිකාවේ විදෙශිකයන්ට පුරවැසිභාවය ලබා දීම උපරිමයෙන්ම අහුරා ඇත.

2015 නීති සකස් කෙරුනේ පුරවැසි භාවය ඉවත්කිරීමට යම් කෙනෙක් අයදුම් කලවිට එය මාස දෙකක් තුල නිම කිරීමටය. අයදුම් කිරීමෙන් පසු මාස දෙකක උපරිම කාලයක් ඇතුලත පුරවැසි භාවය අහෝසිකොට අදාළ සහතිකය ලබා දීම අද ඇමෙරිකානු නීතියයි.

මේ බව මේ ලිපියෙන් කියවා තහවුරු කරගත හැක.

https://www.businessinsider.com/how-to-renounce-us-citizenship-2018-8?fbclid=IwAR0xK4_mnJOpKeTlvwzpb5O_TPww1Us1wfBjE9tVTfNXubH120xjlzajOlA

  1. ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කල ක්ෂණයෙන්ම 2005 ගෝඨාභය මහතා විසින් ලබා ගන්නා ලද ශ්‍රී ලාංකික පුරවැසි භාවය සක්‍රීය වන අතර නැවතත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ කොමසාරිස්වරයා වෙත ගොස් සම්මුක සාකච්චා ලබා දීමට අවශ්‍යතාවයක් නොමැති බව මොවුන් නොදැනසිටීම. එසේ පුරවැසිභාවය සක්‍රීය නොවන්නේ නම් ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමෙන් පසු ඒ අතර කාලය තුල කිසිඳු රටක පුරවැසි භාවයක් නොමැති කල්ලතෝනියෙකු වනු ඇත. මේ බව මොවුන්ට තේරුම් ගන්න තරම් බුධියක් නැත. එසේ බුද්ධියක් ඇත්නම් මේ කරන්නේ මහජනයා ගොනාට ඇන්දීමය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය

ඇමෙරිකානු පුරවැසි භාවය අහෝසිවී  ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කරාවියයි මොවුන් කිසිවිටෙකත් හිතුවේ නැත. ඔවුන් සිතා සිටියේ එජාපයට හිතවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ පිලිබඳ මේ දින දෙක තුල මුනිවත රකිනු ඇති බවයි. ඒ සඳහා රනිල්සමග ඩීල් එකක් දමා ඇති බවයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සමග එසේ ඩීල් දැමීමට නොහැකි බව මේ මන්ද බුද්ධිකයින්ට තේරෙන්නේ නැත. දියුණු රටවල රාජතාන්ත්‍රික කටයුතු සඳහා ක්‍රම වේදයන් සකස් කොට ඇත. ඒවා පෞද්ගලික අවශ්‍යතාවයන් මත වෙනස් කිරීමට වැටුපට වැඩකරන නිලධාරීන්ට නොහැකි බව මේ අඥාන රැළට තේරෙන්නේ නැත. එසේ වෙනස් කිරීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සඳහා සෑම රටකම  පුරවැසියෙකුටම ගැලපෙන් පරිදි නීති සම්පාදනය කිරීමෙන් පසුව පමණක් කල හැකි බව ඔවුනට නොතේරුනාට මහජනතාවට නම් මේ බව පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාව ඇත.

දෙරණ මාධ්‍යවේදිනියගේ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන ඇමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතවරිය මෙම පුරවැසිභාවය ඉවත්කොට ඇතිබව තහුවුරු කර පෙන්වන ලදී. ඒ බව මෙතනින් අහන්න. 

https://www.facebook.com/anandians4gotabhaya/videos/499487707574776/?t=2

මොවුන් නැවතත් පොට වරද්දා ගන්නේ 2013 වසරේදී එවැනි පුරවැසි භාවය ඉවත් කරගැනීමට යොදා ගන්නා ලිපියක් සොයාගෙනය.

මේ 2013 දී නිකුත්කරන ලද සහතිකයකි. මෙවැනි දේ කරමින් මොවුන් මේ ගොනාට ඇඳීමට උත්සාහ කරන්නේ ලංකාවේ බුද්ධිමත් මහජනයායි.

2015 නව නීතිරීති අනුව පුරවැසිභාවය අවලංගු කිරීමේ අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු උපරිම මාස දෙකක් ඇතුලත පුරවැසි භාවය අහෝසිකිරීමේ සහතිකය අයදුම්කරු වෙත ලබාදීම ඇමෙරිකානු නව නීතියයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 අප්‍රේල් 17 දින අයදුම් පත ඉදිරිපත් කර ඇති අතර සහතිකය මැයි මස 03 දින ලැබී ඇත.

මේ වසරේ අමෙරිකාවෙන් පුරවැසිභාවය ඉවත් කරගත් පිරිස 5000කට අධිකය. ඔවුන්ගේ නම් පලවන්නේ ටිකෙන් ටික මාස 6 ක් ඇතුලතය. ඒ බව ඇමෙරිකානු තාහාපති කාර්යාලය පැහැදිලිව තහවුරු කරන ලදී. (ඉහත ලිපිය හොඳින් කියවන්න). එම ලේඛනයේ පුරවැසිභාවය අහෝසි කරගන්නා සියලු දෙනාගේ නම් සඳහන්වී අනිවාර්ය අවශ්‍යතාවයක්ද නොවේ. ඊට හේතුව සහතිකය ලබා දෙන්නේ පුරවැසිභාවය අහෝසිකිරීමට අවශ්‍ය සාපරාධී අපරාධ හා ණය ගනුදෙනු පිලිබඳ සියලු සුදුසුකම් සපිරීමෙන් පසුවය. එය තාවකාලිකව දෙන රිසිට් පතක් නොවේ. සහතිකය මත එම්බොස් සීල් එක තබා දුන් සහතිකයකි. සහතිකය ලැබීමෙන් පසු නම් ලිස්ට් එක නිකුත්වීමට කල්ගතවීම සිදුවිය හැකිබව තානාපති නියෝජිතවරිය හොඳින් පැහැදිලි කර ඇත. සරලව ඔහුට දැන් ශ්‍රී ලංකාවේ විසා නොමැතිව ඇමරිකාවට යාමට නොහැකිවීමම එම සහතිකයේ වලගුතාවය තහවුරු කර ගැනීමට ඕනෑම කුඩා ළදරුවෙකුට පවා තේරුම්ගතහැකි සරල උදාහරණයකි. 

ඇමෙරිකානු පුරවැසි භාවය පිලිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ තීරණය පිලිබඳ තවදුරටත් මොවුන් සෑහීමකට පත් නොවන්නේ නම් කල හැකි දෙයක් ඇත. මහජනයා ගොනාට ඇන්දවීමටමාධ්‍ය සංදර්ශන පැවැත්වීම හා මඩ ප්‍රචාර පසෙක දමා මේ පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට විරුද්ධව ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමය.

මෙවැනිම මන්ද මානසිකයින් විසින් මෙවැනිම වෑයමක් නාමයෝජනා භාරදුන් කාලයේදීම කල බව ඔබට මතක ඇතිවාට සැකයක් නැත.අමෙරිකාවෙන් පුරවැසිභාවය ඉවත්කරගන්නා විට ලංකාවේද පුරවැසි භාවය නිවැරදි ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන තිබූ බව පිළිනොගෙනීමයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. එම නඩුව කුණු කූඩයට විසිකරනු ලැබීමෙන් සිදුවුයේ ගෝඨාභය මහතාට ප්‍රබල ප්‍රචාරණයක් නොමිලේම ඔවුන් විසින් ලබා දීම පමණි. එය ඔවුන් මෙම මැතිවරණ කාලය තුල කරගත් තවත් දැවැන්ත හානියකි. 

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොතිබුනේ නම් ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමට ඇමෙරිකානු නීතියට අනුව නොහැකිය. ඒ එවිට එම පුරවැසියාට කිසිඳු රටක පුරවැසිභාවයක් නොමැති පුද්ගලයෙකු බවට පත්වන නිසායි. මොවුන්ට එවරද පොට වැරදුනේ 2005 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ජනාධ්පති මහින්ද රාජපක්ෂ මහතාගේ බලතල යටතේ නිවැරදිව ලබාගෙන තිබීම නිසාය. නඩුව කුණු කූඩයට වැටුනේ ඒ නිසාය.  

අනිත් අපෙෂකයාට මඩ ගසා මැතිවරණ ජයග්‍රහණය කිරීමට උත්සාහ දරනවා හැරුණු කොට මෙවැනි සරල දෙයක් සිතීමට තරම් හෝ මොවුන්ගේ මොළ ගෙඩි මෝරා නොමැතිවීම කනගාටුවට කරුණකි.

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාකික විදේශ ගමන් බලපත්‍රයත් ශ්‍රී ලාංකික හැඳුනුම්පතත් ලබාගෙන ඇත. එබැවින් ඔහුගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරන්නේනම් ආරම්භ කළයුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ හා පුරවැසියන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාටත් එරෙහිව මූලික වශයෙන් නඩුවක් ගොනු කිරීමෙන් පසුවය. 

අවසාන වශයෙන් කිවහැක්කේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මඩ ගැසීමට දරන උත්සාහය තමාගේ අපේක්ෂකයා දිනවීමට යෙදවූයේ නම් මෙවැනි අන්ත පරාජයක සලකුණු මේ වන විට දිස් නොවන බවය.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here