ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි අද (13) සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටියි .

කෙසේ වෙතත් මෙමගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා කිසිදු බාධාවක් ඇති නොවන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි 

ඊයේ (12) දිනය වන විට මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 90 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි එම අසාදිතයන් සියල්ල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් බව තහවුරු වී තිබේ.