ජනප්‍රිය නිරූපණ ශිල්පිණි ඕෂධී හිමාෂා මේ වනවිට ආදරණිය මවක්. හැමදාමත් ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න ඕෂධි ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු ගැන වගේම කලා කටයුතු ගැනත් සතිඅන්තපුවත් පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහට..

ඕෂදී මිස් ජෙනිස් චිත‍්‍රපටයට ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද?

 ප‍්‍රතිචාර ඇත්තටම හොඳයි. හැබැයි තවම චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් අරගෙන පොඩි කාලයයි වෙන්නේ. ලොකු ප‍්‍රතිචාරයක් තවම නැහැ. කොරෝනා ප‍්‍රශ්නයත් සමග මිනිස්සු තවම එළියට යන්න බයක් ඇතිවෙලා තියෙනවා. මොනවා වුණත් දැනට ලැබෙන ප‍්‍රතිචාර හොඳයි.

 මිස් ජෙනිස් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?

 මුලින්ම කියන්න ඕනෑ ජයලත් මනෝරත්න කියන කලාකරුවා සමග ප‍්‍රථම වතාවට සහ අවසාන වතාවට වෙන්න ඕනෑ මට රඟපාන්න අවස්ථාව උදාවුණේ. මම එතුමා සමග වැඩකරන්න ලැබීම භාග්‍යවන්තයි. එතුමා අප අතහැර යෑම ගැන ලොකු දුකක් තියෙනවා. මම සිනමාවට නවකයෙක්. ඉතිං එ අතුරින් මම චිත‍්‍රපට තුනකට දායකවෙලා තියෙනවා. මීට කලින් මගේ සිනමා නිර්මාණ දෙකක් එක්ක මට වැඩකරන්න ලැබුණේ අලූත් පරපුර සමග. මේක තමයි මගේ පළමු චිත‍්‍රපටය. ලංකාවේ ඉන්න ප‍්‍රවීණ කලාකරුවන් සමග වැඩකරන්න ලැබුණා. ඉතිං එ් අතුරිනුත් ලංකාවේ ඉන්න ප‍්‍රවීණ කලාකරුවෙක් තමයි ජයලත් මනෝරත්න කියන්නේ. එතුමා සමග වැඩකරන්න ලැබීම මම ගොඩක් භාග්‍යවන්තයි. එතුමාගේ දුව ගේ චරිතය තමයි මම රඟපෑවේ. එතුමා සමග වැඩකරලා මම ලොකු අත්දැකීම් ප‍්‍රමාණයක් ලබාගත්තා.

 මනෝරත්නයන් ඔබ ගැන මොනවාද කිව්වේ ?

 මම සිනමාවට අලූත්. ඉතිං අපිට ඉගෙනගන්න සෑහෙන දේවල් තියෙනවා. විශේෂයෙන් මම ජයලත් මනෝරත්නයන්ගෙන් ගොඩක් ගුරුහරුකම් ලැබුවා. ඔහු සමග රඟපාද්දි මගේ ගොඩක් අඩුපාඩු පෙන්වලා දුන්නා. එතුමාගේ ගුරුහරුකම් මට ඉතා වැදගත් වුණා.

 රඟපෑමට අලූත් ආරාධනා ලැබුණාද?

 ලොකු විවේකයකින් පසුව තමයි මම ආපහු කේෂ්ත‍්‍රයට පිවිසෙන්නේ. ඉතිං එ දේත් එක්ක ආරාධනයක් ලැබිලා තියෙනවා. එ ආරාධනාව මම භාරගත්තේ නැහැ. මම මේ කතා කළේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රය ගැනයි. ඊට අමතරව මම මියුසික් වීඩියෝ වගේම නිරූපණ වැඩවලට සහභාගි වෙනවා.

 කොච්චර කාලයකට පසුවද යළි වැඩපටන්ගත්තේ ?

 මම හිතන්නේ මම අවුරුදු එකහමාරක් විතර ක්‍ෂේත‍්‍රයෙන් ඈත්වෙලා හිටියා. ඊට පසුව තමයි මම දැන් වැඩකරන්න ගත්තේ.

  දිගු විරාමයකින් පසුව ඕෂදී ආයමෙත් ඇවිදින්. එහෙමද?

 ඔව්. මම දැන් ආරාධනා භාරගන්නවා. නිරූපණ ක්‍ෂේත‍්‍රයේ ආරාධනා භාරගන්නවා. ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදෙනවා.

 ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා භාරගන්නේ නැතිද?

 ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක් ඔය ප‍්‍රශ්නය මගෙන් අහනවා. එ්කට ප‍්‍රධාන හේතු කිහිපයක් තියෙනාව. එකක් මට කාලය කළමනාකරණය කරගන්න අපහසුතාවයක් තියෙනවා. මම නිරූපණ ක්‍ෂේත‍්‍රයේ සහ මියුසික් වීඩියෝ ක්‍ෂේත‍්‍රයට තමයි වැඩිපුර කාලය වැයකරන්නේ. මොකද එ් දේවල්වලට වැඩිපුර කාලය වැයකරන්න වුවමනාවක් නැහැ. ටෙලිනාට්‍ය භාරගත්තොත් මට සෑහෙන කාලයක් වැයකරන්න වෙනවා. මට එ් කැප කිරීම කරන්න අමාරුයි.

 * දැන් ඔබ මවක් ?

 ඔව්. දැන් මේ වෙද්දි මවක්. මගේ දුවට අදට අවුරුද්දක් වෙනවා.

 මේ කාලය සෑහෙන ඉක්මනට ගෙවිලා ගියා. දුවගේ වැඩත් එක්ක හරි කාර්යබහුලයි. දුවත් සමග ගෙවන කාලය හරිම සුන්දරයි. එ දේවල් ආපහු ජීවිතයට ගන්න බැහැ. මම හරි සතුටින් කාලය ගත කරන්නේ. පවුල් ජීවිතයේ සෑහෙන වෙනස්කම්වලට භාජනය වුණා. සෑහෙන වෙනස්කම් සිද්ධවුණා.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here