විසිවෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත විවාද කිරීම සඳහා දින පහක් අවශ්‍ය බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

එම කෙටුම්පත තුළ විවාදයට බඳුන් වන සංශෝධන රැසක්ම තිබෙන බැවින් එය විවාද කිරීමට දින පහක් අවශ්‍ය බවට පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂය වෙනුවෙන්, සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කර ඇත්තේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ද විවාද කිරීමට ලබා දුන්නේ දින 02 ක් පමණක් බවය.

එහෙත් 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර යහපාලන සුළුතර ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡුා වට ගණනාවක්ම පවත්වා එකෙගතාවක් ඇති කර ගත් බැවින් ඒ සඳහා දින 02ක් ප‍්‍රමාණවත් වූ බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කෙසේ වෙතත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළ පසුව නැවතත් පක්ෂ නායකයින් රැස්වී එම විවාදය සඳහා දින යොදා ගන්නා බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලත්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here