කොහුවල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තබයි!

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් 11-01-2022 වන අද දින කොහුවල මංසන්ධියේ දී සිදු කෙරිණි.

කොහුවල මංසන්දියේ සිට කොළඹ – හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ . ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහලින් නුගේගොඩ – කළුබෝවිල මාර්ගය වෙත ගමන් කල හැකිය . හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වේ. මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (traffic signals )මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත.මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648වේ.මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතය.

 1,271 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply