සෞඛ්‍ය ඇමති මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබද වාර්තාවක් කැඳවයි!

ඉදිරි මාස 6 සදහා රටට අවශ්‍ය ඖෂධ පිළිබද පූර්ණ වාර්තාවක් අද දිනයේදී ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මාස 3 බැගින් වන කාර්තු 2 කට අවශ්‍ය ඖෂධ පිළිබද ගණනය කරමින් මෙම වාර්තාව සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතුයි.

ඒ සදහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

මෙරටට ඖෂධ ආනයනය කරන රටවල ඖෂධ තොරතුරු සහ නිෂ්පාදනය කරන ඖෂධ පිළිබද තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායකට උපදෙස් ලබාදී තිබෙනවා.

ඖෂධ ආනයනයේදී මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළිබද සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නා.

රට තුළ ඇතැම් ඖෂධ විශාල ලෙස නිෂ්පාදනය කරනවා. එහෙත් විවිධ සන්නාම යටතේ නිකුත් කරන ඖෂධ සදහා ජනතාව හුරුවීම හේතුවෙන් එම ඖෂධ ආනයනය කිරිම සිදුවී තිබෙනවා.

රට තුළ කිසිදු අයුරකින් කිසිදු මොහොතක ඖෂධ හිඟයක් ඇති නොවීම සදහා සෑම වර්ෂයකම එළඹෙන වර්ෂයට පෙර ඒ පිළිබද පූර්ව අධ්‍යයනයකින් කටයුතු කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තරයේ ඇඟයීමට ලක්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේ. එන්නත් මාත්‍රා මිලියන 51 ක් ඉක්මවා දිවයිනට රැගෙන ඒමට හැකිවීම ජයග්‍රහණයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

 793 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply