බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.

මෙම ආසාදිත පුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මීට පෙර සේවය කර මෑතකදී ඉවත් වී නව සේවකයෙක් ලෙස බියගම කර්මාන්ත ශාලාවේ සේවයට එක් වූ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.