පින්නවල උපන් අලි පැටවුන්ට උත්සවාකාරයෙන් නම් තබයි! (PHOTOS)

පින්නවල අලි අනාථාගාරයේ මෑතකදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනාට සහ ඊට සති දෙකකට පමණ පසුව උපත ලද ගැහැනු අලි පැටවාට දිසා, සජ්ජන සහ නීලමනී යනුවෙන් අද (ජන. 11) දින නම් තැබූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි.

2021 අගෝස්තු මස 31 දා පෙරවරුවේ පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබන පණ්ඩුල අලියාට සහ සුරංගි කෙනෙරට දාව නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනෙකු උපත ලබා තිබිණි.

ඊට සති දෙකකට පසුව පණ්ඩුල අලියාට සහ රැජිණ කෙනෙරට දාව ගැහැනු අලි පැටවෙකු බිහි කර තිබිණි‍.

උපන් වේලාව සැලකිල්ලට ගනිමින් මෙම අලි පැටවුන් තිදෙනාට ජ්‍යොතීර්වේදියෙකු විසින් නම් දී තිබේ.

වසර 1975දී අලි 6 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද පින්නවල අලි අනාථාගාරය අලි පැටව් 74 දෙනෙකු උපත ලබා ඇති බව ත් දැනට අලි අනාථාගාරයේ අලි 76 දෙනෙකු සෙවණ ලබන බව ත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළා ය.

 392 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply