නැඟෙනහිර පර්යන්තයේ 2 වැනි අදියරේ වැඩ අද ඇරැඹේ!

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ දෙවැනි අදියරේ වැඩකටයුතු අද (12දා) ආරම්භ කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වෙති.

හෙක්ටයාර් 75ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම වරාය පර්යන්තය මීටර් 1320කින් සමන්විත වන බවත් 2024 වනවිට මෙහි සියලු ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා පැවැසීය.

මෙම පර්යන්තය සඳහා එස්.ටී.එස්. ‍ෙදාඹකර 12ක් සහ ආර්.එම්.සී. ‍ෙදාඹකර 40ක් යෙදවීමට අපේක්ෂා කරන බවද වරාය අමාත්‍යවරයා කීය.

ඒ අනුව 2035 වනවිට මිලියන 35ක බහාලුම් ප්‍රමාණයක් කොළඹ වරායෙන් මෙහෙයුම් කටයුතු සිදුකිරීම රජයේ ඉලක්කය බවද අමාත්‍යවරයා පැවැසීය.

 435 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply