ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්!

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වුණු පුහුණු තරගයෙන් ලකුණු 128ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (11) ලබා ගෙන තිබෙනවා.

ගයානාහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 233ක් ලබාගැනීමට සමත්ව ඇති අතර ඊට පිළිතුරු ලෙස අයර්ලන්ත පිලට රැස් කරගත හැකිවූයේ පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 105 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂෙවෝන් ඩැනියල් නොදැවී ලකුණු 75 ක්, රනුද සෝමරත්න සහ පවන් පතිරාජ පිළිවෙළින් ලකුණු 33ක් සහ ලකුණු 25ක් ලබා ගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන සහ අවසන් පුහුණු තරගය මේ මස 12 වැනිදා උගන්ඩාවට එාරහිව පැවැත්වීමට නියමිතයි.

 1,606 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply