“125,000ක දඩයක් එක්ක වසර 3ක් ඇතුලට” – සත්තු වෙනුවෙන් කැබිනට් එකට ආ අලුත්ම පනත!

සතුනට හිංසා කළ හොත් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩයක් සහ වසර තුනකට නොඅඩු සිරදඩුවමක් පැනවීම සඳහා වන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ගොවිපලවල, නිවෙස්වල, කැලෑබද හෝ අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මෙරට සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ගත් සත්ව හිංසා ආඥා පනත බවත් එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් බවත් කී අලුත්ගමගේ මහතා එම නිසා පනත සංශෝධනය කරන්නට පියවර ගත් බවද සඳහන් කළේය.

එම යෝජිත පනත ගැසට් කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා බවද අලුත්ගමගේ මහතා කීය.

මෙම නව සත්ව සුබසාධන පනත අනුව කටයුතු කිරීමට පශු වෛද්‍ය නිලධාරියෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ඊයේ දිනයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පලවූ සමාජ ජාල පලකිරීම් කිහිපයක්…

 616 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply