හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (12) පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පසුගිය 05 වැනිදා හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියේය.