පෝට් සිටි පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද සිට ජනතා අයිතියට!

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද සිට ජනතාවට විවෘත වනවා. එය ඊයේ නිල වශයෙන් විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීනයේ විදේශ අමාත්‍ය වැනැග් යීගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවැති උත්සවයකදීයි.

එම පදික මංතීරුව සෑම දිනකම උදෑසන 9 සිට පස්වරු 6 දක්වා ජනතාව වෙනුවෙන් විවෘත කර තැබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා තිබෙනවා.

 668 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply