කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් 10 වැනිදා හදිසියේ වැළඳුණු අසනීපයක් හේතුවෙන් කොළඹ දී මියගොස් තිබේ.

යදීෂා ශ‍්‍රීධරන් නමැති විසි හැවිරිදි යාපනයේ ඉනුවිල් ප‍්‍රදේශයේ පදිංචි අයකු වන ඇයගේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව ඇගේ ඥාතීන් පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටි ඇය කොළඹ වැල්ලවත්ත ප‍්‍රදේශයේ ඥාතී නිවසක සිටියදී අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

තම එකම දියණියට මේ අන්දමින් මියයෑමට කිසිදු හේතුවක් නොමැති නිසා මේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය විශ්වවිද්‍යාල සිසුවියගේ දෙමව්පියෝ හා ඥාතීහු ඉල්ලීමක් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here