රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත්තේ ඇමති එරාන් වික්‍රමරත්න මහතාගේද දැඩි මැදිහත් වීම මත බව මේ වනවිට හෙලිදරව් වී තිබේ.
ජනාධිපතිවරයා සමග මිලියන 200ක ඩීල් එකක් දමමින් එජාප අමාත්‍ය එරාන් වික්‍රමරත්න මෙසේ ක්‍රියාකර ඇත්තේ සිය ලේලියක වන ශාශා වික්‍රමරත්න සමග විවාහ වී සිටින මිනීමරු ඝාතකයාගේ සොහොයුරා සහ Best Wetern Hotels – Sri lankaහි සභාපතිවරයා වන ප්‍රසන්න ජයමහ යන අයගේ සම්භන්ධතාවය මත බවත් මේ හරහා ක්‍රිස්තියානි ප්‍රජාවේ හොද නාමය එරාන් වෙත ලබාගෙන එය ඉදිරි මැතිවරණයකදී සිය දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීමද කූට අරමුනක් වී ඇත.
යහපාලනය උදා කරන්නට කියමින් 2015 බලයට ආ එජාප ආන්ඩුවේ සුදනන් ලෙස ජනතාව රවටන එරාන්ලාද අනෙක් හොරුන් හා වන්චා කරුවන් මෙන්ම ජනතාවට හොරෙන් තිරය පිටුපසට වී නැටූ නාඩගම් මෙවාය. ජනතාව වෙනුවෙන් මෙවැනි කුමන්ත්‍රන හෙලි කරන්නේ රෑ වැටුන වලේ දවල් නොවැටෙන ලෙස ජනතාව දැනුවත් කිරීම උදෙසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here