“2022 මුල් සතියේ දී 8.63% ක වර්ධනයක්” – අඛණ්ඩව සත්වෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට!

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දිනයේ දී ඒකක 111.54 ක ඉහළ යාමක් වාර්තා කළේය.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 13,280.94 ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් සිල දර්ශක වටිනාකම වේ.

එසේම අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූ සත් වැනි දිනය අදයි.

මේ සමඟම 2022 වසරේ මුල් සතිය තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළේ 8.63% ක වර්ධනයක් සිදුව තිබේ.

S&P SL20 දර්ශකය ද ඒකක 53.55 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 4,568.64 ක් ලෙසින් වාර්තා විය.

රු. බිලියන 11.64 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු අද දින සිදු වී තිබුණි.

 897 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply