“අවුරුදු 5ක වැඩ අවුරුදු 3න් කරනවා” සුසිල් එලෙව්ව හේතුවත් ජනපති ජනතාවටම කියයි! [VIDEO]

රාජ්‍ය ඇමතිවරයෙකු ආණ්ඩුව වැරදි යැයි ප්‍රකාශ කරනවා නම්, ඔහු ද එහි කොටස්කරුවෙකු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මොණරාගල – සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේදී ඊයේ  (ජන. 7) පෙරවරුවේ පැවති ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

සෑම මන්ත්‍රීවරයෙකු, රාජ්‍ය ඇමතිවරයෙකු, සෑම ඇමතිවරයෙකු ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වගකිව යුතු බැවින් “යමෙකු ආණ්ඩුව වැරදියි යැයි කියනවා නම් ඉන් කියැවෙන්නේ ඔහු වැඩ නොකරන බව” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

“අපි අද බොහෝ දෙයක් වුණා ම හමුදාව ඉල්ලනවා. ඕනෑ ම දෙයකට එන්නත දුන්න ත් හමුදාව. දැන් අපි පොහොර දෙන්න ත් හමුදාව. ඇයි? අපි හමුදාවේ පුහුණු කරලා තියෙනවා කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නට. මට රාජ්‍ය ඇමතිවරයෙක්ව අයින් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහින් කියනවා නම් ආණ්ඩුව වැරදියි කියලා, එයා කියන්නේ එය ත් වැරදියි කියන එක. හැම මන්ත්‍රීවරයෙක් ම රාජ්‍ය ඇමතිවරයෙක් ම හැම ඇමතිවරයෙක් ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වගකියන්නට ඕනේ. ඔහු ම කියනවා නම් වැරදියි කියලා ඒ කියන්නේ ඔහු ඒ වැඩේ කරන්නේ නෑ.”

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ ඉතිරිව ඇති වසර 3 තුළදී වසර 5කදී කළ නොහැකි දේ සිදු කරන බව ය.

ඊයේ (ජන. 6) දිනයේදී ජනාධිපතිවරයා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගිය අවස්ථවේදී තරුණයෙකු නැගූ පැනයක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

“මේ අවුරුදු 3 තුළ අවුරුදු 5ක අපිට කරන්න බැරි දේ අපි කරනවා කියන එක මම ජනතාවට පැහැදිලිව ම කියනවා. මම ඊයේ දළදා මාළිගාව වඳින්න ගිය වෙලාවේ, ජනතාවට කතා කරනකොට එක තරුණයෙක් ඇවිල්ලා කියනවා සර්, සර්ට අවුරුදු 2ක් නැති වුණා ත් මේ කොවිඩ් නිසා. ඇයි referendum එකක් තියලා ඒ දෙක ගන්නේ නැත්තේ ඇයි? මම කිව්වා ඔබතුමා තමයි මගේ උපදේශක හැටියට ගන්න ඕනේ කියලා. ජනතාව දන්නවා මේ අමාරුකම වෙච්ච. පැහැදිලි කරලා දෙන්නට ඕනේ ජනතාවට.” 

සෑම කෙනෙකු ම ඇමති තනතුරක් අපේක්ෂාවෙන් සිටිද්දී ඒ සෑම දෙනාට ම ඇමති තනතුරක් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ හේතුවෙන්, ඉතිරි වසර 3 තුළ ජනතාවට සේවය කිරීම සඳහා තමා වෙත සම්පූර්ණ සහාය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරට ත් ඉල්ලා සිටියේ ය.

“වැරදි මත ජනතාව අතරට ගෙනිහිල්ලා මොන විපක්ෂයේ හිටියා ත් මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් තියෙනවා රටක් හැටියට හොඳ දෙයක් කරනවා නම් අපි ඉදිරියට යන්න ජනතාව වෙනුවෙන් ඒකට අකුල් හෙලන්න නොවෙයි… වැඩේ වෙලා තියෙන්නේ අද හැම කෙනෙකුට ම ඇමතිකමක් ඕනෑ. කැබිනට් ඇමතිකමක් ඕනෑ. මම කොහොම ද හැම කෙනෙකුට ම කැබිනට් ඇමතිකම් දෙන්නේ? 

අපිට වැඩ කරන්න අවශ්‍ය නම් ඕනෑ තරම් තියෙනවා අපිට වැඩ කරන්න. නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා. කරුණාකරලා වැඩ කරන්න පුළුවන් කොහොම ද කියලා නීතියෙන් බලන්න. වැඩ බැරි වෙන්නේ කොහොම ද කියලා බලන්න එපා. රටක් ඉදිරියට ගෙන යාමේදී රාජ්‍ය සේවය ඉතා ම වැදගත්. මම කරුණාකරලා ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වසර 3 තුළ ඔබගේ සම්පූර්ණ සහාය මට ලබා දෙන්න ජනතාවට සේවය කිරීම සඳහා. මම ඡන්ද බලාගෙන නොවේ වැඩ කරන්නේ. ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන්නයි මට ඕනේ.”

 988 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply