ජාතික පාසල් 1000ක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත්කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ “නිදහස් දහසක්“ වැඩසටහන ඇරඹේ.
එහි සමාරම්භය සනිටුහන් කරමින් මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
සියඹලාණ්ඩුව මහ විද්‍යාල පරිශ්‍රයට ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය විවෘත කර එම විද්‍යාලය නිල වශයෙන් ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කළේය. පාසල් අතර පවතින විෂමතාව අවම කරවමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරයුම් ලක්ෂයක් සනිටුහන් කිරීම වැඩසටහනේ අරමුණයි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සීතා අරඹේපොළ, තෙනුක විතානගමගේ, විජිත බේරුගොඩ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 315 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply