සජබ අලුත් අවුරුදු රැස්වීමේ දී සජිත් දැඩි විවේචනයට!

සමගි ජන බලවේගයේ අලුත් අවුරුදු රැස්වීමේ දී සජිත් ප්‍රේමදාස දැඩි විවේචනයට ලක් වූ අතර ‘ප්‍රතිපත්තියක් නැති සංදර්ශන වැඩක් නෑ.  දැන්වත් පිළිවෙලකට වැඩක් කරමු’ යි කබීර්, හර්ෂ, එරාන්, අජිත්, මනූෂ එක හඬින් කීහ.

සමගි ජන බලවේගය නව වසරේ පැවැත්වූ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මනූෂ නානායක්කාර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා, විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළහ.

වහාම එජාපය විවේචනය කිරීමෙන් වළකින්න..

රැස්වීම ආරම්භයේ දීම අදහස් දැක්වූ සජබ මාධ්‍ය ප්‍රකාශක පා.ම. මනූෂ නානායක්කාර පැවසුවේ, “නායකතුමා අපි වහාම එජාපය විවේචනය කිරීමෙන් වලකින්න ඕන. ඔබතුමා එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා.  අපි හැමෝටම එජාප ආණ්ඩුව සිද්ධ කළ දේවල්වලට වගකීමක් තියෙනවා.  අපි ආණ්ඩුව, රාජපක්ෂ පවුල මිස එජාපය විවේචනය කළ යුතු නෑ.  රනිල් වික්‍රමසිංහ, ඔබතුමාව පරද්දන්න මත්තල ගුවන්තොටුපලේ ගබඩාවල වී තැම්පත් කළා කියා ඔබතුමා මාධ්‍යයට කිව්වාම කවුද විශ්වාස කරන්නේ

 833 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply