“ජය ශ්‍රි” ට එරෙහි වාරණය දීර්ඝ කරයි!

ජය ශ්‍රි සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් විසින් ලබා ගත වාරණ ආඥාව දෙසැම්බර් 31 වන දින නැවතත් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඒ. මරික්කාර් මැතිතුමා ඉදිරියේ කැදවනු ලදුව එම වාරණ ආඥාව නැවත වතාවක් 2022 ජනවාරි මස 12 වන දින දක්වා දීර්ඝ කරන ලදි.

පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටින ලදි.
රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනි සිටිමින් කරුණු ඉදිරිත් කරන ලද අතර දෙපාර්ශවයේ ලිඛිත දේශන එදිනට පෙර ගොණු කිරීමට ගරු අධිකරණය නියම කරන ලදි.

 856 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply