හමුදා රජයට එරෙහි වූ මියන්මාරයේ ජනප්‍රිය නළුවකුට වසර 3ක සිර දඬුවම්!

මියන්මාරයේ ජනප්‍රිය නළුවකු සහ මෝස්තර නිරූපන ශිල්පියකු වන පයිං ටකෝන්ට එරට හමුදා රජයට එරෙහිව විරෝධතා රැලියකට සහභාගි වීම හේතුවෙන් වසර 3ක සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ.

විරෝධතා රැලියකට සහභාගි වීම සහ අන්තර්ජාලය ඔස්සේ හමුදා රජයට එරෙහිව හඬ පට නිකුත් කිරීම හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී හමුදා භටයන් 50 දෙනකු ඔහුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

24 හැවිරිදි පයිං ටකෝන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද හමුදා රජයට එරෙහිව පැවැති උද්ඝෝෂණ රැසකට සහභාගි වී ඇති අතර, ඔහු අවුංග් සාන් සුකීගේ පාක්ෂිකයකු බව වැඩි දුරටත් වාර්තා වේ.

 391 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply