‘‘ගෑස් හිඟයට විසඳුම් කඩිනමින්‘‘

ගෑස් සිලින්ඩර් 180,000 ක් ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සමාගම දෛනික පිරවීම් සහ බෙදාහැරීම් පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ද මේ වන විට දෛනික ලිට්‍රෝ ගෑස් අවශ්‍යතාවය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම සමාගම සඳහන් කළේය.

ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම ලබාදිය හැකි බව ද සුපරීක්ෂාකාරීව ගෑස් සිලින්ඩර වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සහ ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ඉක්මනින් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව ද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 365 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply