ජපුර තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 41ක් හඳුනාගනියි!

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය අසාදිත තවත් 41ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයේ කළ පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් 41 හඳුනාගෙන තිබේ. මේ අනුව ‌ජයවර්ධනපුර සරසවියේ පරීක්ෂණාගාරයෙන් පමණක් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 45කි.

තමාගේ මෙන්ම තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‌බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 343 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply