බස් කොන්දොස්තරවරුන්ගේ රැකියා අහිමි වෙයි?

මගී ප්‍රවාහනයේදී බස් රථවල රියැදුරු හා කොන්දොස්තර යන දෙදෙනා ම අනිවාර්යයෙන් සිටිය යුතු ය යන මගී ප්‍රවාහන පනතේ ඇති වගන්තිය සංශෝධනය කර කොන්දොස්තරවරයාගේ සේවය අනිවාර්ය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද (දෙසැ. 30) දින මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

මේ වන විට ලෝකයේ රටවල් රැසක මගී ප්‍රවාහන බස් රථ ක්‍රියාත්මක වන්නේ, කොන්දොස්තරයෙකු නොමැතිව බව ඔහු පැවසී ය. 

ඔහු සඳහන් කළේ, නව සංශෝධනය ත් සමග බස් හිමියන්ට තම කැමැත්ත මත කොන්දොස්තරවරයෙකුගේ සේවය ලබා ගැනීම හෝ නොගැනීම තීරණය කළ හැකි බව ය.

කොන්දොස්තරවරු නොමැතිව බස් රථ ධාවනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස බස් හිමියන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළඹි බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවලට කොන්දොස්තරවරයෙකුගේ සේවය අනවශ්‍ය බව ය.

ඉදිරියේදී මෙරටට ආනයනය කරන ස්වයංක්‍රීය දොරවල්, පිටුපස කැමරා පද්ධති ඇතුළු නවීන පහසුකම් සහිත බස් රථ ද කොන්දොස්තරවරයෙකුගේ සේවය නොමැතිව ධාවනයේ යෙදවිය හැකි මට්ටමේ පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

 495 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply