ලෙජන්ඩ්ස් ලීග් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සුපිරි තරු 06ක් යළිත් පිටියට!

පැරණි ක්‍රිකට් තරු පිරිවරාගෙන පැවැත්වෙන Road Safety World Series තරඟාවලියේ තවත් එක් අංගයක් ලෙස Legends League තරඟාවලියක් ලබන ජනවාරී මස පැවැත්වීමට සියල්ල සූදානම්ව පවතිනවා.

ඒ සඳහා කණ්ඩායම් 03ක් සහභාගි වන අතර ඒවා නම් Team India, Asia Lions සහ Team World ලෙස වනවා.

මේ වන විටත් Asia Lions කණ්ඩායම නම් කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කල සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංග ඇතුලත්ව සිටිනවා.

නම් කරන ලද Asia Lions කණ්ඩායම –

Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Azhar Mahmood, Upul Tharanga, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Younis Khan, Asghar Afghan.

 970 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply