රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන අහන්න නීතිපතිගෙන් කැඳවීමක්

නීතිපතිවරයාගේ අනුදැනුමෙන් හෝ නිසි අධීක්ෂණයකින් තොරව රහස් පොලීසිය භාරයේ සිටි රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා එහි ප්‍රධාන විමර්ශන නිලධාරියාට අද (12) නීතිපති කාර්යාලයට පැමිණෙන ලෙසට නීතිපතිවරයා කැඳවීමක් සිදු කර ඇත.

සිද්ධියට අදාළ සියලු විමර්ශන ගොනු ද නීතිපතිවරයා වෙත අද (12) වහා ඉදිරිපත් කරන ලෙසට ද රහස් පොලිස් නිලධාරීන් වෙත නීතිපතිවරයා දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධ­ාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පවසයි.

නීතිපතිවරයා රහස් පොලිස් නිලධාරීන් හමුවී විමර්ශනයෙන් අනාවරණය වූ සාක්කි නැවත සමාලෝචනයකට භාජනය කිරීමට නියමිත බව ද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් දන්වා සිටී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ සැකකරුවන් සමඟ ඇසුරුකරමින් ඔවුන්ට රටින් පිටවීයාමට උපකාර කිරීම අතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාද් බදියුදීන් රහස් පොලිසිය සැකපිට අත් අඩංගුවට ගෙන මාස පහක පමණ කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු පසුගියදා නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා රහස් පොලිස් නිලධාරීන් එසේ කැඳවා ඇත.

 453 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply