ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නව බලාපොරොත්තුවක්!

මගී ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් බහාලුම් ප්‍රවාහන සේවාද පුළුල් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවධානය යොමුව තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ලබන වසරේ මාර්තු මාසය වන විට බහාලුම් ප්‍රවාහන ගුවන් යානයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇති බවයි.

මෙරට සම්පූර්ණ අපනයනවලින් සියයට 25 ක් සහ සම්පූර්ණ ආනයනවලින් සියයට 27 ක් සිදුවන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහායි.

කොවිඩ් වසංගත කාලය තුළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව අඩු වුවද ලෝක වෙළඳ අවශ්‍යතා සහ භාණ්ඩ අවශ්‍ය කරන කාල සීමාවන්වලට සරිලන පරිදි භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් වුණා.

පසුගිය අප්‍රේල් පළමුවැනිදා සිට සැප්තැම්බර් අතර කාලය තුළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන්වාර 185 ක් එම සමාගම ක්‍රියාත්මක කර ඇති බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

 602 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply