‘චන්න ඇරෙන්න මම කැමැති තවත් පිරිමියෙක් ඉන්නවා’ ගයාත්‍රී කියන කතාව…

රංගන ක්ෂේත්‍රය තුළ ඇය නමක් දිනා ගෙන අවසන්. දක්ෂතාවය මෙන්ම සුන්දරත්වයට ද ඇය මනා හිමිකම් දරන රංගන ශිල්පිනියක්. පහුගිය දිනවල ඇය ගැන කතා නොකර බැරි චරිතයක් වුණා. ඇගේ පවුල් ජීවිතය හා සසඳමින් විවිධ කටකතා පැතිරුනා. මේ වන විට ඇය විදේශගත ව ජීවිතය තම දරුවන්ට කැප කරමින් ජීවත් වෙනවා. පෞද්ගලික ජිවිතය තුල ඇය විවාහ වන්නේ කලාව තුළ ම නමක් දැරූ රංගන ශිල්පියෙක් සමඟයි. නමුත් මේ වන විට ඔවුන්ගේ කූඩුව විසිර අවසන්. නමින් ඇය ගයාත්‍රි ඩයස්.

ගයත්‍රියි ආදරේ ගැන හිතන්නේ කොහොමද, ”ඇත්තටම ආදරේ කියන්නේ හිමිකර ගැනීමම නෙවෙයි. මගේ හිතට මම ආදරයක් දැනෙන කොට මට අවුරුදු දාසයයි. මට පාසල් ප්‍රේමයක් වත් තිබිලා නැහැ. ආදරෙයි කියලා අපිට දෙයක් බලෙන් ලබාගන්න බැහැ. අපිට කෙනෙක් බලෙන් ළඟ තියා ගන්නත් බැහැ. ආදරේ කියන්නේ එකිනෙකාට ගරු කරමින් එකිනෙකාව තේරුම් ගැනීම.”

ගයත්‍රි විවාහ වෙන්නේ කලාව තුළ ම නමක් ගිය චන්න පෙරේරා සමග. ඔබේ පවුල් ජීවිතයේ ජීවිතය ගැන බොහෝ දෙනෙක් කතා කළා. නමුත් මේ වන විට ඔබ දෙදෙනා වෙන්ව ජිවත් වෙනවා. චන්නට හිත ගියා වගේම නළු කී දෙනෙකුට හිතගියාද, ”මම විවාහ වෙන්නේ අයියා එක්ක. එයා ඇත්තටම ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. චන්න අයියා ඇරෙන්න මම කැමති තව කෙනෙක් ඉන්නවා එයාගේ නම කියන්න බෑ.”

ආදරේ කියන දේ විවාහයකින් කෙළවර වෙන්නම ඕන ද, ”ආදරයේ අවසානය විවාහය කියලා නියමයක් නැහැ. සමහර ආදර කතා තියනවා විවාහයෙන් කෙළවර වෙන. හැබැයි මගේ පෞද්ගලික අදහස අවංකයි කියනවා ආදරේ අපිට කවදාවත් ළං කර ගන්න ලැබෙන්නේ නැහැ. ආදරයක දුරස් බව තියෙනවනම් එතන ආදරේ වැඩියි. මම හිතන්නේ මගේ ආදරේ දුරින් තියනකම් ඒ ආදරයට පැවැත්මක් තියෙනවා.”

විවාහය කියන රාමුවෙන් පිටත ආදරයක් ලැබුනොත්, ”විවාහ ජීවිතය තුළ අපි හොයන ආදරයක් ලැබෙන්නේ නැත්නම් අපි පිටතින් ආදරයක් හොයනවා කියන එක සාමාන්‍ය දෙයක්. විවාහ ජීවිතය තුළ කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරය තියෙනවා නම් කවදාවත් ඒ කෙනා විවාහයෙන් පිට ආදරය ගැන හිතන්නෙවත් නැහැ. විවාහය තුළ අපි හොයන ආදරයක් නැත්නම් ඒ කෙනා පිටතින් ආදරයක් හොයනවා කියන දේ වැරැද්දක් විදිහට මම නම් පෞද්ගලිකව දකින්නේ නැහැ. මොකද අපි කොයි කවුරුත් ආදරේ කියන දේට කැමති. අපි කවුරුත් ආදරේ කියන දේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා.”

 703 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply