පුද්ගලයන් 37 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමගින් අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට අයත් මාලිගාතලිගාතැන්න, කුරීකොටුව, එළුවාපිටිය යන ග්‍රාමයන් 3 අද දින වසා දමමින් අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට පියවර ගත් බව කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාදන බලකාය පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව එම ප්‍රදේශවලින් පුද්ගලයන්ට පිටතට ඒමටත් ඇතුල්වීමටත් තහනම් කර ඇති අතර පුද්ගලයින්ට එම ප්‍රදේශවලට ඇතුළත් වීමට නොහැකි වන ලෙසින් ආක්ෂක බාධක යෙදීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

මාලිගාතැන්න, කුරීකොටුව, එළුවාපිටිය යන ප්‍රදේශයන්හි මම නිලධාරි වසම් හතක් මෙලෙස වසා දැමීමට කටයුතු කර ඇති අතර එම ප්‍රදේශයන් හි වෙසෙන පවුල් 3688 කට අයත් සාමාජිකයන් 12600 පමණ වන පිරිසකගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් දහයක් අතන ගල ප්‍රදේශයෙන් වාර්තා වූ බව සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය මඟින් පවසනවා.

මෙම පිරිස අතර භික්ෂූන් වහන්සේලා සිව් නමක් ද සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here