දුම්රිය ස්ථානාධිපති වැඩ වර්ජනය දේශපාලන අරමුණක්!

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන්නක් යැයි දුම්රිය වෘත්තීය සමිති නියෝජිතවරු පැවසති.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගේ සමීප සම්බන්ධතා ඇති අයකු බවත් ඔහුගේ බිරිය සමඟි ජන බලවේගයෙන් පසුගිය මැතිවරණයට පෙනී සිට ඇති බවත් ඔවුහු පැවසූහ.

 ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ්, ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස්, ඉන්දික දොඩංගොඩ මහත්වරුන් එක්ව කොළඹදී පෙරේදා (26) පැවැත් වු මාධ්‍ය හමුවේදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. එමෙන්ම ඉල්ලීම් ලබා දී තිබියදී එම ඉල්ලීම්වලට එකඟතාව පළ කර සාකච්ඡාවෙන් අනතුරුව එම එකඟතාව කඩකර වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැළී සිටින බව කී එම වෘත්තිය සමිති, ඔවුන්ගේ ඉල්ලීම් දහයක් සඳහා සාධනීය පිළිතුරු දී තිබියදීත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටීම පරිපාලනයේ සහයෝගයකින් සිදු කරන්නක් බවද කීහ.

 1,202 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply