“කොවිඩ් නිසා නව දිල්ලිය යළි ත් අවදානමේ” – රාත්‍රී 11.00 සිට උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතියත් පනවයි!

ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට ඇඳිරි නීතිය පනවා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අද (දෙසැ. 27) දින සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 11.00 සිට උදෑසන 5.00 දක්වා බලපැවැත්වෙනු ඇති බව ය.

එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ, ඊයේ (දෙසැ. 26)  දිනයේ නව දිල්ලි නුවරින් කොරෝනා ආසාදිතයින් 290 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ය. 

එමෙන් ම, ගත වුණු පැය 24 තුළ දිල්ලි නුවරින් එක් කොවිඩ් මරණයක් ද වාර්තා වී ඇත.

දිල්ලියෙන් මේ වන විට කොවිඩ් රෝගීන් 14,43,352ක් වාර්තා වී ඇති අතර මරණ 25,105ක් වාර්තා වී තිබේ. 

 881 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply