හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාව කන්කසන්තුරේ කොට්ඨාශය වෙත මාරුකර යවා තිබේ.
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ඒ මහතාව මෙසේ උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර තනතුරට මාරුකර යවා ඇත්තේ විනය හේතූන් මත බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.