නත්තලට පල්ලිවලට ආරක්ෂාව තර කරයි!

නත්තල් උදාව නිමිත්තෙන් දිවයිනේ කතෝලික පල්ලිවලට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් දියත් කරන ලෙසට.  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අවශ්‍යතා අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා මෙහිදී අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය.

කතෝලික පූජකවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අදාළ ආරක්‍ෂක වැඩපිළිවෙළ සකස් කරන ලෙසටද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

මීට සමගාමීව මාර්ග ආරක්‍ෂණ රාජාකරිද යොදවමින් අදාළ ප්‍රදේශවලටද ආරක්‍ෂාව සලසන ලෙසත් උත්සව සමය තුළ මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් බුද්ධි තොරතුරු රැස් කරමින් අවශ්‍ය ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද මේ හරහා පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත.

 359 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply