උතුරු කොරියාව දින 11කට සිනහව තහනම් කරයි!

උතුරු කොරියාවේ ජනතාවට දින 11ක කාලයක් සඳහා සිනා සීම, මත්පැන් පානය සහ සාප්පු සවාරි යාම තහනම් කර තිබේ.

මෙම තහනම පනවා ඇත්තේ, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග්-උන් ගේ පියා වන කිම් ජොන්ග්-ඉල්ගේ ගුණානුස්මරණය සඳහා ය.

එම තහනම දෙසැම්බර් 17 වන දා සිට ක්‍රියාත්මක ය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම ගුණානුස්මරණ කාල සීමාව තුළ එරට ජනතාවට කිසිදු ආකාරයක විනෝදාස්වාද කටයුත්තක නිරත වීම ද තහනම් කර ඇති බව ය.

සෑම වර්ෂයක ම මෙම ගුණානුස්මරණ කාල සීමාව දින 10ට සීමා වී පැවති නමුත් මෙම වර්ෂයේදී ඒ සඳහා අමතර දිනයක් එක් කිරීමට උතුරු කොරියානු නායකයා කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

යම් ආකාරයකින් මෙම කාල සීමාව තුළ එරට වැසියෙකු මෙම තහනම කඩ කළහොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවට ද එරට වැසියන්ට දැනුම් දී ඇත.

මීට පෙර මෙවැනි තහනම් පැනවූ අවස්ථාවන්හිදී ඒවා කඩකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දරුණු දඬුවම් ලබා දී ඇති අතර දඬුවම් ලැබූ පුද්ගලයින් නැවත දක්නට නොලැබුණු බව එරට වැසියෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

තව ද කිම් ජොන්ග්-ඉල් මිය ගිය දිනය වන 2011 දෙසැම්බර් 17 වන වන දා ජනතාවට භාණ්ඩ මිලදී ගැනීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනුස්මරණ කාල සීමාව තුළ එරට ජනතාවට උපන්දින සැමරීම් ද සිදු කිරීමට අවස්ථාව ලබා දී නොමැත.

එමෙන් ම අවමංගල්‍යයක් සිදු වුවහොත් එහිදී අදාළ පවුලේ සාමාජිකයින්ට හඬ නගා හැඬීම ද තහනම් කර තිබේ.

කිම් ජෝන්ග්-ඉල් මිය ගිය දිනය වන දෙසැම්බර් 17 වන දා එය සිහිපත් කිරීම වෙනුවෙන් සයිරන් නලා නාදය නිකුත් කළ පසු එරට වෙළඳ නගරය වන පියොන්යැන්හි වැසියන්ට විනාඩි 3ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියෝග කර ඇති අතර එම අවස්ථාවේදී හිස පහතට හෙළා සිටිය යුතු බවට ද නියෝග ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට අමතරව එදින තුළ මෝටර් රථ, නැව් සහ දුම්රියවල නලා නාද කිරීම ද තහනම් කර ඇත.

කිම් ජෝන්ග්-ඉල් වසර 17ක කාලයක් උතුරු කොරියාව පාලනය කර ඇත.

 605 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply