සාගතයට මුහුණ දෙන්න මහින්දගෙන් සංග්‍රාම යෝජනාවක්!

ලබන වසර මුලදී රටේ ඇතිවිය හැකි බවට කෘෂි විශේෂඥ අංශවලින් කෙරෙන පුරෝකථනවලට දැඩි අවධානය යොමුකර, වහා ම ‘වගා සංග්‍රාමයක්’ ආරම්භ කරන ලෙස පරිසර ඇමති මහින්ද අමරවීර පෙරේදා පැවති ඇමැති මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් කැබිනට් සටහනක් ඉදිරිපත් කොට තිබේ. 

“හරිත ආර්ථිකයක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස අමරවීර ඇමතිවරයා ඉදිරිපත් කළ මෙම සටහනට අනුව, ලබන සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට වගා සංග්‍රාමයට අදාළව කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇත. 

“වගා සංග්‍රාමයට” සියලු අමාත්‍යාංශවල සහාය ලබා දෙන ලෙසට මෙහිදී ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම අමාත්‍යාංශවලට වෙන්වන ප්‍රතිපාදනවලින් කොටසක් තම තමන්ගේ අමාත්‍යාංශ යටතේ මීට අදාළ වැඩ කොටස් ක්‍රියාත්මක කිරීමට වෙන් කරන ලෙස ත්, ඒ සඳහා අමාත්‍යාංශවලට හා ඒවාට අනුබද්ධ ආයතනවල උපරිම සහාය ලබාගන්නා ලෙස ත්, ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී තිබේ. 

වගා සංග්‍රාමය වෙනුවෙන් විපක්ෂයේ සහාය ලබා ගැනීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කොට

 539 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply