ගෑස් ව්‍යසනයේ වරද කාගේද? ජනපති පත්කළ කමිටුව මේ කියන කතාව ඇත්තද?

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් හේතුවෙන් බවයි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ ප්‍රකාශ කර සිටිනවා.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් එම කමිටුවේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ.

” පසුගිය කාලයේ මේ පිපිරීම් වලට ප්‍රධාන හේතුව කුමක්ද? අද වන විට මුළු සමාජයම අහන ප්‍රශ්නය. මේ ගෑස් පද්ධතිය පටන් ගන්නේ ගෑස් සිලින්ඩරය, රේගුයලේටරය, බටය සහ උදුන කියන දේයි. ,මේ එක පද්ධතියක්. අපි ස්ථානීය පරික්ෂාවලින් අපි සාක්ෂාත් කර ගත්තා. අනිත් කිසිදෙයක් වෙනස් වෙලා තිබ්බේ නැහැ. වෙනස් වෙලා තිබ්බේ මේ සිලින්ඩරය තුල තියෙන ගෑස්. එය සති දෙකෙන් දෙකට හෝ මාසයෙන් වෙනස් වෙලා තියෙනවා ගෑස් සංයුතියේ. ගෑස් සංයුතියේ වෙනස්කම් ඇතැම් විට 40 ට ආසන්න වෙලා තියෙනවා. ගෑස් සිලින්ඩරය පිපිරෙන්න විදිහක් ඇත්තේ නෑ. අපේ වාර්තාවේ සඳහන් වනවා මේ ගෑස් පිපිරීම් වලට හේතුව සංයුතියේ තියෙන වෙනස්කම කියලා” මහාචාර්ය ශාන්ත වල්පොල ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් ගෑස් අර්බුධයේ ඇත්ත සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කිරීම හරහා සමාගම් සඟවන්නට උත්සාහ කල තිත්ත ඇත්ත මේ වනවිට හෙළිවී ඇත. එමෙන්ම මෙම ව්‍යසනයට අමතරව වසර 150ක කාලයක් පුරාවට මෙරට ගෑස් වෙළෙඳාමේ සිදුවූ අක්‍රමිකතාවයන් යලි ඇති නොවන්නටත් ප්‍රමිති මිනුම්දඩු ස්ථාපිත කරමින් ඒවා නියාමනයට අවශ්‍ය පියවර ගැනීමටත් සැබවින්ම පැසසිය යුතුය.

 792 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply