‘‘ගෑස් ගන්න හෙටින් පස්සේ බය වෙන්න එපා‘‘

වෙළඳපලට නිකුත් කරන ගෑස්වල ප්‍රමිතිය මේ වන විට සහතික කර ඇති බවත්, එහි ඇති ප්‍රොපේන් ප්‍රතිශතය ගෑස් සිලින්ඩරම මත මුද්‍රණය කළ නව ප්‍රමිති සහතිකය සහිත ගෑස් සිලින්ඩර් හෙට (21) සිට වෙළඳපලට නිකුත් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

මෙම ගෑස් සිලින්ඩර භාවිතය ගැන ජනතාව කිසිසේත් බිය නොවිය යුතු බව කී සභාපතිවරයා තමන් භාවිතා කරන ගෑස් ලිප, රෙගියුලේටරය ආදියේ ප්‍රමිතිය ගැන සොයාබලන්නැයි පාරිභොගිකයන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

පසුගිය දා ගෑස් සිලින්ඩරයක් පුපුරා සිවුදරු මවක් මියයෑමේ සිද්ධිය සිදුවූ ස්ථානයට තම සමාගමේ නිලධාරීන් ගොස් පරීක්‍ෂාවක් කළ බව කී තෙෂාර ජයසිංහ මහතා ඔවුන් රෙගියුලේටරය හා ගෑස් ලිප සම්බන්ධ කර තිබුණේ නාන කාමරවල ෂවරය සම්බන්ධ කිරීමට භාවිතා කරන වර්ගයේ බටයක් බව එහිදී තහවුරු වූ බව කීවේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ “ගෑස් දමන ගෑස්” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (20)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වෙළඳපලට ගෑස් නිකුත් කිරීම දින කිහිපයක් තිස්සේ සිදුනොවීම නිසා දැනට ඇතිවී ඇති ගෑස් හිඟය මගහැරීමට තවත් යම් කාලයක් ගතවනු ඇතැයි ද ජයසිංහ මහතා කීවේය.

 780 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply