“ඩොලර් නැතුව තෙල් දෙන්න බෑ” ගුවන් සමාගමට බලශක්ති අමාත්‍යාංශයෙන් නිවේදන!

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් ගුවන් යානා ඉන්ධන ලබා නොදෙන බව බලශක්ති අමාත්‍යාංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිල වශයෙන් දැනුම් දී ඇත.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය  පැවසුවේ අමාත්‍යාංශය පසුගිය සතියේ සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශ කළ බවත්, රාජ්‍ය බැංකු ජාලය හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් ගෙවීම් කරන ලෙස ජාතික ගුවන් සේවයට දැනුම් දුන් බවත්ය.

“ගුවන් යානා ඉන්ධන සැපයීමට නම් අපට ඩොලර් අවශ්‍යයි. අපි කාලයක් තිස්සේ මේ ගැන ගුවන් සේවයට කියනවා. නමුත් පසුගිය සතියේ අපි එය නිල වශයෙන් දැනුම් දුන්නා. ගුවන් සමාගම ඩොලර් උපයනවා. ඒ නිසා අපි නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීමට නම්, රාජ්‍ය බැංකු පද්ධතියට ඩොලර් එවිය යුතු බව අපි සමාගමට දන්වා සිටියා.” යනුවෙනි.
ලේකම්වරිය පැවසුවේ, ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) වැනි රාජ්‍ය ආයතන කිහිපයක් ණයට ඉන්ධන මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන බවත්, ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය බර ඉහළ යමින් පවතින බවත්ය.

සතියකට පෙර ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණි අතර එම තොගය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වන්නේ ජනවාරි 20 වැනිදා දක්වා පමණක් බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) හි ඉහළ නිලධාරියෙක් පැවසීය.

මේ අතර, CPSTL ආරංචි මාර්ග පැවසුවේ, පිරිපහදු කිරීම සඳහා රටේ බොරතෙල් හිඟ වන බැවින්, සපුගස්කන්ද පිරිපහදුව නැවත වරක් ජනවාරි 3 සිට වසා දමනු ඇති බවයි. ඉතිහාසයේ පළමු වරට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 සිට දෙසැම්බර් 7 දක්වා බොරතෙල් තොග නොමැතිකම හේතුවෙන් වසා තැබිණි.

මේ පිළිබඳව විමසූ විට ඔල්ගා මහත්මිය පැවසුවේ ජනවාරි 25 න් පසු බොරතෙල් තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් එතෙක් පිරිපහදුව වසා දැමීමට ඔවුන්ට සිදු විය හැකි බවත්ය.

 559 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply