බිග් ගර්ල් සාදයේදී සූර්වී කොච්චි පාරේ නිදාගෙන!

කොටහළු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ එම්.ඩී ජයරත්න නම් වයස 55 ක ග  ණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය අය පිළිබඳ මරණ පරික්ෂණයට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකට යටවී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා සමඟ එකට මත්පැන් පානය කළ පුද්ගලයන්ට සහ එම සාදයට සහභාගී වූ පුද්ගලයන්ට කෝවිඩ් රෝගය වැළදීමේ අවදානමක් ඇතැයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස් එස් අයි දිසානායක සහ සුනිල් උක්වත්ත මහත්වරු පවසති.

 420 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply