ජනපති අණින් මසකින් වෙනස් වන බණ්ඩාරවෙල!

බණ්ඩාරවෙළ නගරය මසක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලංකාරවත්ව නිර්මාණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරීයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට හා බණ්ඩාරවෙළ නගරාධිපති නිශාන්ත රත්නායක මහතාට උපදෙස් දී ඇත.

බණ්ඩාරවෙළ නගරයේ බිඳුණුවැව පාළාත් කෘෂිකර්ම වැඩසටහනකට මීට සුලු මොහොතකට පෙර එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

නිසි පරිදි නිම නොවු පදික වේදිකා මෙන්ම, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලයේ නඩත්තු කටයුතු හේතුවෙන් නගරය මෙලෙස අක්‍රමවත්ව පවති.

මෙම තත්වයන් පිලිබදව අවධානය යොමු කල ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

 1,571 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply