ආසාදිතයන් වාර්තා වීමක් සිදු වන්නේ කොහෙන්ද යන්න හඳුනාගත නොහැකි ලෙස සමාජයෙන් රෝගීන් හමුවීම කොවිඞ් – 19 රෝගයේ සිව්වැනි අදියර බවට හඳුන්වන බවත් එලෙස රෝගීන් වාර්තා වීමක් මෙරටින් සිදු නොවන බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප‍්‍රකාශ කර තිබුණා.


 කොවිඞ් – 19 මර්දනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ජනතාව පිළිපදින්නේ නම් වෛරසයේ ව්‍යාප්තිය අවම කළ හැකි බවත් පසුගිය මාස දෙකක් පුරා මෙරටින් රෝගීන් වාර්තා වීමක් සිදු නොවුණ බවත් නිරන්තරයෙන්ම වෛසරය සම්බන්ධයෙන් කොතැනින් හෝ වාර්තා වේද යන්න ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටි බවත් ඇය සඳහන් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ පොකුරේ ආසාදිත කාන්තාව හඳුනා ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරිය කියයි.