වාසු, විමල් සහ උදයට එරෙහිව නීතිපති අධිකරණයට කී කතාව!

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් තිදෙනා විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම් විභාගය දෙවන දිනට ත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත් වුණු අතර එහිදී නීතිපතිවරයා විසින් මේ බව දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ජනවාරි මස 10 වන දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

පසුගිය දා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ගිවිසුමකට අත්සන් තබා තිබිණි.

 325 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply