උද්ධමනය නිසා බ්‍රිතාන්‍ය පොලී අනුපාත ඉහළ දමයි!

ඔමික්‍රෝන් බිය නොතකා දශකයේ ඉහළ උද්ධමනයට එරෙහිව සටන් කිරීමට උත්සාහ කරන පසුබිමක, බ්‍රිතාන්‍යයේ බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් (බ්‍රිතාන්‍ය මහ බැංකුව) බ්‍රහස්පතින්දා සිය ප්‍රධාන පොලී අනුපාතය වාර්තාගත අඩු 0.10% සිට 0.25%ක් දක්වා ඉහළ නැංවීය.

එක්සත් රාජධානියේ උද්ධමනය බෑන්ග් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි 2%ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා, නොවැම්බර් මාසයේදී පෙන්නුම් කළ අතර, එය සටහන් වූයේ 5.1%ක් ලෙසිනි. මෙම දත්ත නිකුත් වී දිනකට පසුව පොලී අනුපාත ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය මහ බැංකුව කටයුතු කළේය.

බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි මුදල් ප්‍රතිපත්ති කමිටුව වසර තුනකට වැඩි කාලයක් තුළ පළමු පොලී අනුපාත ඉහළ නැංවීමට පක්ෂව 8-1 ලෙස ඡන්දය ප්‍රකාශ කළ නමුත් ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ උත්තේජනයක් පවත්වා ගැනීමට ඒකමතිකව තීරණය කළ බව එය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ප්‍රතිපත්ති සම්පාදකයින් එක්සත් රාජධානියේ උද්ධමනය එහි නිල ඉලක්ක මට්ටමට ආපසු ගෙන ඒම සඳහා අවශ්‍ය යැයි සලකන අතර, දියුණු ආර්ථිකයන්හි පාරිභෝගික මිල උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වැඩි වී ඇති බව පැවසීය.

කෙසේ වෙතත්, පසුගිය මාසය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ක්‍රියාකාරීත්වය හේතුවෙන් අවාසිසහගත අවදානම් ඇති කරන බව ඔවුන් සඳහන් කළේය.

එක්සත් රාජධානියේ ආර්ථිකයද අඛණ්ඩ සැපයුම් අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින බව එය අනතුරු ඇඟවීය. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සහ වසංගත පාලන ක්‍රමවල බලපෑම දෙසැම්බර් මාසයේදී සහ 2022 පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පහත හෙලනු ඇති බවද පුරෝකථනය කර තිබේ.

 716 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply