නව ප්‍රභේදයක් පැතිර යමින් තිබියදී මෙරටට පැමිණි විදේශිකයන් හැසිරෙන අයුරු මෙන්න! (PHOTOS)

විදෙස් සංචාරකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර කටයුතු කිරීම හේතුවෙන් වැලිගම, මිරිස්ස නගරවල වෙළෙඳ ප්‍රජාව මෙන් ම ජනතාව දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මිරිස්ස නගරයේ සිට වැලිගම නගරයට පැමිණෙන විදේශිකයන් බස් රථවල ගමන් කරනුයේ ද මුව ආවරණ නොමැතිවයි ඔවුන් වැලිගම නගරයේ මුව ආවරණ නොමැතිව ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවීම සහ වැලිගම නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල සැරිසැරීම නිසා එය බරපතළ තත්ත්වයක් බවට පත්ව තිබේ. බොහෝ අවස්ථාවල බැංකුවලට ද ඇතුළු වන්නේ මුව ආවරණ සහ දෑත් පිරිසිදු නොකර බවට නිලධාරීහු චෝදනා කරති.

මිරිස්ස සංනගරයේ සිට කිලෝ කිලෝමීටර් දහයක් පමණ දුර යතුරුපැදිවලින් මෙම විදේශිකයන් ගමන් කරනුයේ ද මුව ආවරණ නොමැතිව ය. එම මාර්ගයේ පොලිස් නිලධාරීන් රාජකාරී කටයුතුවල නිරතව සිටින අතර ඔවුන් එම විදේශිකයන් මුව ආවරණ නොමැතිව ගමන් කරන විට ඉවත බලා ගන්නා බවට ප්‍රදේශවාසීහු බරපතළ ලෙස පොලිසියට චෝදනා කරනවා. 

ඊයේ (දෙසැ. 15) දින උදෑසන ගාල්ල-මාතර බස් රථයකට විදේශිකයින් මුව ආවරණ නොමැතිව ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී මගීන් ඊට විරෝධය පා ඇති අතර එය නොතකා ඔවුන් ඇතුළු වීමට උත්සාහ කර ඇත. 

වැලිගම වෙළෙඳ ව්‍යාපාරිකයින් පවසන්නේ විදේශිකයින්ට මුව ආවරණ පැළඳ ගෙන එන ලෙස පැවසීමට තරම් තමන් භාෂාව නොදන්නා බව ය. 

පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ද මෙරටට ලැබෙන විදේශීය විනිමය අහිමි වීමේ අවදානම නිසා හෝ විදේශිකයන්ට ආමන්ත්‍රණය කිරීමට භාෂාව ගැටලුවක් වී ඇති නිසා බව ද එම ව්‍යාපාරිකයෝ පවසති.

 330 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply