චන්දිමාල් ජයසිංහ කියලා කිව්ව ගමන් දැන් ගොඩක් අයට මතක් වෙන්නේ උපන්දින පාටිය ගැන. මේක තමයි ලංකාවේ ලොකුම උපන්දින පාටිය කියලා කිව්වොත් හරියටම හරි. දහස් ගණනින් මුදල් වියදම් කරලා ජනප්‍රිය තරු පිරිවරාගෙන ගන්න මේ උපන්දින පාටිය ගැන චන්දිමාල් සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහට..

චන්දිමාල් මෙවර ඔබ සැමරුවේ කීවෙනි උපන් දිනය ද? තේමාව මොකක්ද මුලින්ම ඒ ගැන කියමු නේද?
 
 මගේ උපන් දිනය තියෙන්නේ මැයි මාසයේ. ඒ දවස්වල කොරෝනා ප‍්‍රශ්නය තිබුණ නිසා උපන් දිනය ගන්න බැරි වුණා. ඒ නිසා ඔය දවසේම තමයි මගේ මීගමුවේ සැලෝන් එකේ දචැබසබට එක තිබුණේ. එතකොට ඒක නිසයි ්ඓැර ච්රඑහ එක මීගමුවේ ගත්තේ. පොඩි පිරිසකට තමයි කිව්වේ. 300 ක් වගේ පිරිසක් ආවා. මීගමුව ටර්බා පීසා එකේ තමයි තිබුණේ. මීගමුව ඇවෙන්රා ගාඞ්න් එකේ මගේ සැලෝන් එකේ විවෘත කිරීම පවත්වා තමයි කෙලින්ම පාටියට ආවේ.
 
 මෙවර සාදයේ තේමාව ගැන කතා කළොත්?
 
 මෙවර සීන් එක තමයි රෝයල්. මීට අවුරුදු දෙකකට කලිනුත් පාටි එකේ දී තිබුණ එයැපැ එක රෝයල් තමයි. ඒත් ඉතින් මේක තමයි මෙවර තිබුණේ. ඉතින් එන අයටත් බැඅ ාරුිි ජදාැ එකක් දීලා තිබුණා.
 
 රෝයල් තේමාවේ ඔබේ ඇඳුම ගැන මෙවර ලොකු අවධානයක් ඇති වෙලා තියෙනවා නේද?
 
 ගොඩක් අය මගේ කොස්ටියුම් එක වරද්ද ගෙන තියෙනවා. මොකද මම ඇන්දෙ චාල්ස් කුමාරයාගේ ඇඳුම. සාමාන්‍යයෙන් රෝයල් අය අඳින ඇඳුම. මේ ඇඳුම නිර්මාණය කරන අය පවා රෝයල් පවුලක් එහෙමත් නැතිනම් චාල්ස් කුමාරයාගේ අඳින ඇඳුම තමයි පැහැදිලිවම නිර්මාණය කළේ. ඉතින් ඔවුන් නිර්මාණය කළ සමහර දේවල් අල්ලගෙන මේක හමුදාවේ ඇඳුමක් කියලා මිනිස්සු කියනවා මම එහෙම අදහසකින් නෙමෙයි මේ ඇඳුම නිර්මාණය කළේ. මොකද මම ඔවුන් කියන කෙනෙක් නෙමෙයි. මම මගේ රටට සහ හමුදාවට වගේම නිල දරුවන්ට හුඟක් ආදරෙයි. ඉතින් කිසිම දවසක හීනෙකින්වත් ඔය කියන විදියේ බලාපොරොත්තුවක් ඇතිව මේ ඇඳුම නිර්මාණය කළේ නැහැ. මිනිස්සු කියනකම් අපේ හිතටවත් එවැනි අදහසක් ආවේ නෑ. මිනිස්සුන්ට අල්ල ගන්න නැති දෙයක් තැන තමයි මේ කතාව මෙවර නිර්මාණය කළේ. ගිය සැරේ ඇඳුම් නැහැ හෙලූවෙන් නැටුවා කියලා මට තැන තැන එක එක දේවල් කියලා තිබුණා. ඒ හැමදේම කළමනාකරණය කරලා මෙවර සාදය හරි පරිස්සමට කළාට පස්සේ මේ චෝදනාව ගොඩනැඟුවා. ඒ ගැන මට තියෙන්නේ ලොකු කනගාටුවක්.
 
 ඇත්තටම මේ ඇඳුම නිර්මාණය කළේ කවුද? කොපමණ වියදමක් ගියාද?
 
 නැහැ මට ලොකු වියදමක් ගියේ නැහැ. මට ඔය හැම දෙයක්ම නොමිලේ ලැබෙන දේවල්. අවුරුදු හතරක් පුරා තිබුණු උපන් දින සාදවලට ඇඳුම් සඳහා මට අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේ නාමල් බාලචන්ද්‍ර ආයතනය. එහෙමත් නැත්නම් එන්. බී. ආයතනය. ඉතින් ඒ ගොල්ලන්ටත් මම කිව්වේ රෝස එහෙමත් නැතිනම් රාජකීය ඇඳුමක් මෙවර නිර්මාණය කරමු කියලා.
 
 ඒකනෙ ඔබ චාල්ස් කුමාරයෙක් ඒ ඇඳුම අන්තර්ජාලයෙන් නරඹලා මෙය නිර්මාණය කළා, එහෙමද?
 
 අපි දැන් ඔවුන්ගේ පිය සම්භාෂණ අවස්ථාවල අඳින්නේ මෙවැනි ඇඳුමක් කියලා දැකලා තියෙනවා. ඔවුන්ගේ තේමාව තමයි හැදුවේ. නැතිව කිසිම හමුදාවක අදහසක් ඇතිව මේ ඇඳුම මම වත් ඇඳුම මහපු ආයතනය වත් එවැනි අදහසකින් මේ ඇඳුම නිර්මාණය කළේ නෑ. මේක හොයල ඇඳුමක් විදිහට තමයි නිර්මාණය කළේ.
 
 අද වෙනකොට ඔබේ සාදයෙ ලොකුම කතාබහ මේ ඇඳුම, මෙය ඔබ හිතාමතාම කරපු දෙයක්ද?
 
 නැහැ… මම කවදාවත් මගේ උපන් දින සාදවල හිට් වෙන්න දේවල් කරන්නේ නැහැ. එහෙම දේවල් මිනිස්සු අල්ලගන්න දේවල්. ඕනෑම ඇඳුමක් මම ඇන්දා, ගැලෙව්වා. එච්චරයි. ආපහු අඳින්න සූදානමක් නැහැ. හැබැයි මිනිස්සු තවම ඒක ඇදගෙන දගලනවා. ඒකට මට කරන්න දෙයක් නෑ. ගිය සැරේ ඇඳුම් නැහැ කියලා අල්ලගෙන කතාවක් නිර්මාණය කළා. මෙවර ඇඳුමක් අල්ල ගත්තා. මිනිස්සු අනුන්ගේ පෞද්ගලික දෙයක් අල්ලගෙන මෙච්චර දඟලන්නේ ඇයි ද කියන්න මම දන්නෙ නෑ.
 
 චන්දිමාල්ට පාටි දාන්න මෙච්චර සල්ලි කොහෙන්ද?
 
 ඕනෑම කෙනෙක් තමන්ගේ උපන් දිනය සමරන්න ආසයි. තමන්ගේ දරුවකුගේ උපන් දිනය එහෙමත් නැතිනම් තමන්ගේ දරුවකුගේ ඇාාසබට එක සමරපු නැති කෙනෙක් ඉන්නවද. කවුරුත් ඒ දේවල් මග හරින්නේ නැහැ නේ. ඇයි ඒක මට විතරක් බැරි. මගේ උපන් දිනයෙත් කිසිම දේකට මුදල් වියදම් කරන්නේ නැහැ. ඒව මට නොමිලේ ලැබෙන දේවල්. ඉතිං මීට කලින් මගේ උපන් දිනය ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුව පවා ගිහින් තොරතුරු සොයද්දී එතැන දී පවා ඔප්පු වුණේ ඒ සියල්ල මට අනුග‍්‍රහයකයන්ගෙන් ලැබුණ දේවල් කියලා. ඒකට මම කරුණු ඉදිරිපත් කළා. මිනිස්සුන්ට මොකක්ද මේ තියෙන ප‍්‍රශ්නය කියන්න මම දන්නේ නෑ. ඔබට වුණත් යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඔබ ඒ දේ භාර ගන්න කැමතියි නේද. උපන් දිනයේ කේක් එකේ ඉඳලා සියලූම දේවල් මට නොමිලේ ලැබුණේ.
 
 උපන් දින සාදයක් පවත්වලා අන්තිමේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පවා යන්න සිද්ධ වුණා නේද?
 
 කෝටි හතරක් වියදම් වුණා කියලා මගේ පළමු උපන් දින සාදයට ආදායම් බදු දෙපාර්තමේන්තුවට පවා යන්න සිද්ධ වුණා. මට එක වෙලාවකට හිතෙනවා මානව හිමිකම් යන්නත්. හිතේ සතුට සහ මනුෂ්‍යයකුගේ දෙයකට මෙච්චර වදයක් දෙන්නේ ඇයි. ඒක මට පුද්ගලිකව දැනුණ දෙයක්. හැබැයි මම නීතිගරුක පුද්ගලයෙක් විදියට ඒ හැම දේකටම උත්තර දෙනවා. ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.
 
 ඇත්තටම මෙවර සාදයට කොච්චර වියදමක් ගියා ද?
 
 ඔය මිනිස්සු හිතන තරම් මම වියදම් කරන්නේ නෑ. කෝටි ගණන් ලක්ෂ ගණන් මම පාටිවලට වියදම් කරන්නෙ නැහැ. මේ සැරේ මම හෝටලයේ බිලෙන් සියයට පණහයි ගෙව්වෙ. ඒ ඇරෙන්න මට කිසිම දේකට වියදම් ගියේ නැහැ. සියල්ල මට ලැබුණේ අනුග‍්‍රාහකයන්
 මාර්ගයෙන්.
 
 චන්දිමාල් රූපලාවණ්‍ය ශිල්පියෙක්. මෙච්චර මුදල් කොහෙන් ද. ඇත්තටම ඔබ අවුරුද්දේ දවස් තුන්සිය හැට පහෙන් දවස් තුන් සියයක් විතර වැඩ කරනවා ද?
 
 මම අරක්කු සිගරට් බොන චරිතයක් නෙමෙයි. නිකම් ෂෝ වැඩ මා ළඟ නැහැ. අනික මම නයිට් ක්ලබ් යන චරිතයකුත් නෙමේ. බොරු ෂෝ මා ළඟ නෑ. මම හරියටම අකුරට වැඩ කරන චරිතයක්. මම ඔය අනෙක් මිනිස්සු වගේ ටි‍්‍රප් යන්න වෙලාවක් නෑ. දවස් තුන්සිය හැට පහේම පාටි දාන්න වෙලාවක් නෑ. ඔබ මුලින් ඇහැව්වා නේ මම අවුරුද්දේ දවස් තුන්සිය හැට පහෙන් තුන් සියයක්ම වැඩ. නිදා ගන්නෙත් හරි අඩුවෙන්. මම නිදි වරලා දුක් විඳල තමයි සල්ලි හම්බ කරන්නේ. නැතිව අසාධාරණව සල්ලි හම්බ කරන්නේ නැහැ. මට එහෙම කිසිම චෝදනාවක් නැහැ. ඉතිං මට බැරිද අවුරුද්දේ දවස් තුන්සිය හැට පහෙන් ඉතිං සියයක්ම වැඩ කරලා එක දවසක පාටියක් දාන්න. මට අයිතියක් නැද්ද මාත් එක්ක වැඩ කරපු අය සමග සතුටු වෙන්න. මට තියෙන ප‍්‍රශ්නය ඒක. මම සාමාන්‍යයෙන් පාන්දර දහවල රාත‍්‍රිය කියලා බලන්නේ නෑ. සමහර දවස් වලට දවසේ පැය 24ම වැඩ. නිදාගෙනවත් නැහැ. ඉතිං මෙච්චර මහන්සි වෙන මට මගේ දේවල් වලින් යමක් කරන්න බැරිද. අවසානයේ මට ඉතිරි වෙන ප‍්‍රශ්නය ඒකයි. අපි ජීවිතයේ අපි කොච්චර දුක් විඳිනව ද කියන්න මිනිස්සු දන්නේ නැහැ. කිසිම දෙයක් නැතුව මම මෙතනට ආපු කෙනෙක්. එහෙම ආපු මට ඇයි මේ ප‍්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්නේ.
 
 ඔබේ ව්‍යාපාර පිටුපස ප‍්‍රබල දේශපාලන චරිත වෙනත් බලපුළුවන්කාරකම් කිසිවක් නැති ද?
 
 නැහැ මම කිසිම බලපුළුවන්කාරකමක් කරන්නේ නැහැ. මම මේ දේවලින් වැටෙන්නේ නෑ, කිසිම බයකුත් නැහැ.
 
 හැබැයි මේ වගේ පාටි දාන්නෙ නැතිව අහිංසක මිනිස්සු වෙනුවෙන් යමක් කළොත් නරකද?
 
 මම ඒ දේවල් ඕනෑ තරම් කරනවා. ඒවා ට කැමරා අරගෙන ගිහින් ෆෝන් අරගෙන ගිහින් ඒවා විකුණන්නේ නැහැ. අඩුම තරමේ මම ඒ දේවල් කරනවා කියලා මාධ්‍යයට වත් කියන්නේ නෑ. දේශිත දන්නවා මම කරන දේවල්. හිතට එක`ගව කරන්න පුළුවන් දේවල් මම අනන්තවත් කරනවා. ඒවට මට අනවශ්‍ය ප‍්‍රචාර අවශ්‍ය නෑ. බොරු මාධ්‍ය සන්දර්ශන මට අවශ්‍ය නැහැ. මම ඒ දේවල්වලට වියදම් කරන්නෙ හම්බ කරන සල්ලි. ඒ දේවල්වලට මම අනුග‍්‍රකයො සොයන්න යන්නෙ නෑ. එහෙම කරන්න මට වුවමනාවකුත් නෑ.
 
 ඔබට විරුද්ධව ඇති පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ලෑස්තිද?
 
 අනිවාර්යෙන්ම සූදානම්. මම වැරැද්දක් කරලා නැති නම් මම ඉදිරිපත් වෙනවා. මම මගේ නිර්දෝෂීභාවය සඳහන් කරන්න පුළුවන්. මම වැරැද්දක් කරලා නෑ.
 
 මාධ්‍ය ගැන මොනවද කියන්නේ?
 
 මට දුකක් තියෙනවා. මට මගේම ජාතියෙන් ඇරෙන්න දුකක් දීලා නෑ. හැ. එහෙම කවදාවත් ප‍්‍රශ්නයක් ඇවිල්ලත් නෑ. ඇයි අපි ඒ සිංහල අය අපිට පහර දෙන්නේ. අපි දැකලා නෑ මුස්ලිම් කෙනෙක් මුස්ලිම් කෙනකුට පහර දෙනවා. මම දන්නෙ නෑ අපේ ජාතිය ඇයි අපිටම පහර දුන්නේ කියලා.
  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here