නව මේජර්වරුන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (09) එක්විය. 

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඔවුන්ගේ පදක්කම් පැළඳවීම් සිදුවුණ අතර ස්වෙච්ඡා හමුදා නිලධාරීන් ලෙස ඔවුන් හමුදා සේවයේ යෙදෙනු ඇති බව වාර්තා වෙයි.