වතුකරයේ සැඟවුණු මිනුවන්ගොඩ ඇඟලුම් සේවිකාව
Spread the love
වතුකරයේ සැඟව සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ සේවිකාවක් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මේ වන විට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඇය පදිංචිව සිටි වතු නිවාස පෙළෙහි 69 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු ඇත.
සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිට ඇති ඇති අතර ඊයේ (08) අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහළ කොටසේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණ ඇත.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ යුද හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලීසිය වෙත ඇය පිළිබඳව තොරතුරු ලබා දීමෙන් පසු නොර්වුඩ් පොලීසියේ නිලධාරින් විසින් ඇයව හඳුනාගෙන තිබේ.
අනතුරුව සේවිකාව, ඇයගේ සැමියා, එම සේවිකාවගේ මව, පියා සහ එම සේවිකාවගේ අවුරුදු 10ක් වයසැති දැරියද නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1