දියර පොහොර කෑන් මූඩී ගැලවී විසිවී යන්නේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා!

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට බෙදා දුන් දියර පොහොර කෑන් මූඩී ගැලවී විසිවී යන්නේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පළ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ගොවීන් ලක්ෂ 8කට මෙම ජෛව පොහොර බෙදා දී ඇති බවත් පිපිරී ඇත්තේ කෑන් පහ හයක් පමණක් බවත්ය.

මෙම දියර පොහොර වල නයිට්‍රජන් වැඩිපුරම තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මූඩී ගැලවී විසිවී යන්නේ එහි ක්‍රියාකාරීත්වය වැඩි නිසා බවත් සඳහන් කළේය. එනිසා මෙය මුළු රටටම සිදු වූවක් ලෙස අර්ථකථනය කිරීම වැරදි බව ද අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

මේ අතර පසුගියදා මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා ලබාදුන් දියර පොහොර කෑන් වල සිදුවීමක් හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් ද චෝදනා කර සිටියේය. නැනෝ පොහොර යනුවෙන් සඳහන් පොහොර දියර පොහොර කෑන් දෙසියයක් පමණ තමන්ට ලබාදුන් බවත් ඉන් සියයත් පමණ මෙසේ වී ඇති බව ඔවුන් කියා සිටිති.

මෙම දියර පොහොර වගාවන්ට යෙදීමද ඉතා අපහසු බවත් සමේ ආසාදන හට ගන්නා බවත් පවසන ඔවුන් පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන බව කියා සිටියහ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම පොහොර සම්බන්ධයෙන් නිසි අදහසක් නැති බව ද ඔවුහු පැවසූහ.

 366 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply