“දුෂිත දේශපාලකයන්ගෙන් විතරක් නෙමයි දුෂිත නිලධාරීන්ගෙනුත් මේ රට බේරගන්න ඔනේ”

රේගුලේටර් ,හෝස් වල මෙන්ම ගෑස් ලිප් වල ඈතුලේ ගැල්වනයිස් බට වෙනුවට දැන් එන්නේ නිකන් බාල ලාබ යකඩ බට නිසා දිරන ප්‍රශ්නද ඇති බවත් මේ හේතුවෙන් සියලු දේවල් අධීක්ෂණයට සහ නියාමනයට යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යය වන බව ගෑස් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ගාමිණී ජයවීර මහතා ප්‍රකාශ කලේ.

මේ නිසා අනතුරුදායක දෙයක් පවිච්චි කරනවිට අනතුරු වලින් වැළකෙන්නේ කොහොමද අනතුරක් සිදුවුනොත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒ අනතුරෙන් වන හානිය අවම කරගන්න ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග පිලිබදව මිනිස්සු දැනුවත් කිරීම අවශ්‍ය බවද ගෑස් පිළිබද ප්‍රශ්නය රජය මිට වැඩිය අවදානයකින් යොමු කලයුතු බවත් මාධ්‍ය හමුවෙදී පවසා සිටියා .

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ ගාමිණී ජයවීර මහතා පවසා සිටියේ

” ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තහම ඒගොල්ලන්ගේ සම්පුර්ණයෙන්ම 100% යක් ම ප්‍රොපෙන් තමයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ, මන් හිතන්නේ එක ඒගොල්ලන්ට ගෑස් එක තියනවද දන්නෙත් නෑ එහෙම නැතිනම් එකේ මිල අදිකබව උසුලගන්න පුළුවන් හින්දා වෙන්නැති. නමුත් අපි දැන් එක්සත් ජනපදය ගත්තොත් එහෙම, එකේ තියනවා GPA කියල ආයතනයක්. ඒ ආයතනය තමයි නියාමනය කරන්නේ. එකේ වාණිජ කටයුතු වලට වෙනම ගෑස් එකකුත් ගෘහස්ත කටයුතු වලට වෙනම ගෑස් එකකුත් තියනවා . මොකද ගෑස් ඔක්කොම එක නෙමෙයි. ඒ වායේ සංයුතිය අනුව ඒවායේ අවශ්‍ය කරන උෂ්ණත්වය ඒ ඒ කාර්යට අවශ්‍ය කරන උෂ්ණත්වය දෙන්න තමයි ඒ ඒ සංයුතියන් වෙනස් කරන්නේ.

“දැන් ගස් පිළිබද ප්‍රශ්නය ගන්න කොට අපි දකිනවා පාර්ලිමේන්තුව ගැනත් අපි කතා නොකර බෑ .පාර්ලිමේන්තුවේ එක එක්කෙනා එකිනෙකාට බොලේ පාස් කර කර ඉන්න එක තමයි කරන්නේ. අපි ඉතාමත්ම කනගාටු වෙනවා පාර්ලිමේන්තුවේ වාද විවාද සිදු වෙන ආකාරය දකිනකොට. අපි දකින්නේ එකම දෙයයි හැමදාම එක එක්කෙනා එකිනෙකාට බැනගන්නවා. එක්කෙනෙක් කිවුවහම මොකක් හරි දෙයක් අනිත් එක්කෙනා කියනවා ඔයගොලන්ගේ කලේ මේක උනා අනිත් එක්කෙනා කියනවා අපේ කලේ උනේ නෑ ඔයගොලන්ගේ කලේ උනා කියලා. හැමදාම එක්කෙනෙක් කරපු උදාහරණයක් පෙන්න පෙන්න ඉනවා මිසක් තර්කනුකුලව බුද්ධිමත් සංවාදයක් ආතිවෙනවා අපි දකින්නේ නෑ ”

“මේ ඉන්න සියලුම ජනමාධ්‍ය වලින් පාර්ලිමේන්තුවේ සිද්ද වෙන බැන ගැනීම් සහා අනවශ්‍ය තර්ක විතර්ක .ඇනුම් බැනුම් දෙපිට කැපෙන කතා හැන්දෑවට ට්වි වල කරුණාකරලා පෙන්නන් එපා. මොකද මේවා පෙන්නන කොට ඒවා උත්තෙජනයක් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊලග දවසේ තවත් ඒ වගේ නොහොබිනා කතා කියන්න. ඉතාම නරක අවබෝදයක් ඒ අය හැසිරෙන ආකාරය ඉතින් මේවා කවදා හැදෙයිද අපි දන්නේ නෑ”

“ගෑස් විතරක් නෙමේයි නියාමනය නැති ස්ථාන ගොඩක් තියනවා අධ්‍යාපනය ,මාර්ග ආරක්ෂාව රෝහල් ඔය හැමතැනම ගත්තොත් එහෙම නියාමනයක් නැතිකම, වග කිවයුත්තෙක් නැතිකම. මේවා තමයි අපිට හැමතිස්සෙම පෙන්නේ .ඉතින් මේවා වෙනස් කරන්න දැඩි තීරණ ගන්න වෙනවා ඒ වගේම මේ රටේ අනාගතය ගැන හිතනවානම් මේ රට බේරගන්න ඕනේ දුෂිත දේශපාලකයන්ගෙන් විතරක් නෙමයි දුෂිත නිලධාරීන්ගෙනුත් මේ රට බේරගන්න අපිට සිද්ධවෙනවා .”

 2,549 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply